බිම්ස්ටෙක් 05 වන රාජ්‍ය නායක සමුඵව ශ්‍රී ලංකාවේදී

Share Button

බිම්ස්ටෙක් 05 වන රාජ්‍ය නායක සමුඵව ශ්‍රී ලංකාවේදී පැවැත්වේ. නේපාලයේ කත්මන්ඩු අගනුවරදී අද නිමාවට පත්වු සිව්වන රාජ්‍ය නායක සමුඵවේදී බිම්ස්ටෙක් සංවිධානයේ සභාපති ධුරය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට පිරිනැමින. සභාපති ධුරය භාර ගැනීමෙන් පසුව විශේෂ ප්‍රකාශයක් කළ ජනාධිප තිතුමා පැහැදිලි න්‍යාය පත්‍රයක් ඔස්සේ සමුඵවේ කටයුතු ඉදිරියට ගෙන යන බව පැවසීය. එම ඉලක්ක සපුරා ගැනීමට සියලු සාමාජික රටවල සහාය එතුමා ඉල්ලා සිටියේය. බිම්ස්ටෙක් සංවිධානයේ සභාපති ධුරයට පත්වු ජනාධිපතිතුමාට සියලු රාජ්‍ය නායකයෝ උණුසුම් සුබපැතුම් පිරිනැමුහ. අත්දැකීම් බහුල රාජ්‍ය නායකයෙකු ලෙස එතුමාගේ නායකත්වය යටතේ බිම්ස්ටෙක් සමුඵවේ කටයුතු ශක්තිමත්ව පෙරට ගමන් කරනු ඇතැයි ඔව්හු විශ්වාසය පළ කරති.
බිම්ස්ටෙක් බලශක්ති පද්ධතිය පිළිබඳව කලාපයේ රටවල් අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමට ඒ ඒ රටවල විදේශ ඇමතිවරු සමාප්තිය උත්සවයේදී අත්සන් තැබුහ. ඉන් අනතුරුව 18 වැදැරූම් කත්මන්ඩු ප්‍රකාශනය එලිදැක්වින. එමගින් රාජ්‍ය නායකයින් කලාපිය රටවල සාමය. සමගිය සහ තිරසර පැවැත්ම පිළිබඳ සිය කැපවීම යලි ප්‍රකාශ කර තිබේ. කලාපයේ ආර්ථික සමෘද්ධිය සහ සමාජීය සංවර්ධනය උදෙසා වෙළෙඳාම් සහ ආයෝජනය ඉතා වැදගත් සාධක දෙකකි. ත්‍රස්තවාදය තරයේ හෙලාදකින බිම්ස්ටෙක් නායකයෝ කිසිම ත්‍රස්තවාදි ක්‍රියාවක් සාධාරණියකරණය කළ නොහැකි බව පවසති. ත්‍රස්තවාදයට එරෙහි සටන ත්‍රස්තවාදින්ට . ත්‍රස්තවාදි සංවිධානවලට සහ ත්‍රස්තවාදි ජාලවලට පමණක් නොව එය දිරිගන්වන ආධාර උපකාර කරන ත්‍රස්තවාදයට මුදල් සපයන. ත්‍රස්තවාදින්ට රැකවරණ සලසන රටවල් හදුනා ගැනීමට සහ ඒ සම්බන්ධයෙන් වගවීම යන කරණු ද ඇතුලත් විය යුතු බව ඔව්හු පවසති. ත්‍රස්තවාදයට මුදල් සැපයිම සහ ත්‍රස්තවාදි ක්‍රියාවලට සිය භුමි ප්‍රදේශවල සිට ක්‍රියාත්මක කිරීම වැළැක්වීම ඇතුඵ අදාල කරුණු සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට පුඵල් වැඩපිළිවෙලක් සකස් කරගත යුතු බව ඔව්හු සියලු රටවලින් ඉල්ලා සිටිති. 2030 වනවිට බිම්ස්ටෙක් කලාපයෙන් දිළිඳුකම පිටුදැකීම සහ තිරසර සංවර්ධනය එහි තවත් ඉලක්කයකි. සමුඵව අවසන් කරමින් අදහස් දැක්වු නේපාල අගමැති ෂර්මා ඔලී මහතා එම තීරණ ක්‍රියාවට නැංවිමෙන් ප්‍රතිපළ අත්කරගත හැකි බව පෙන්වා දුන්නේය. ප්‍රතිඥා ඉටුකිරීම ප්‍රධාන අභියෝගය බව ද ඔහු සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *