තෙල් ගවේෂණ නෞකාවක් දිවයිනට

Share Button

ශ්‍රී ලංකා මුහුදු තීරයේ තෙල් සහ ස්වභාවික වායු ගවේෂණය සදහා පර්යේෂණ නෞකාවක් ඊයේ දිවයිනට පැමිණ තිබේ. පැනමා ධජය යටතේ ලියාපදිංචි බී ජී පී පයනියර් නමැති මෙම නෞකාව මෙරට මුහුදු තටාකවල භූ විද්‍යාත්මක දත්ත එක්රැස් කරයි. අද පෙරවරුවේ මෙම නෞකාව උත්සවාකාරයෙන් ගවේෂණ කටයුතු අරඹයි. නැගෙනහිර සහ ඊසානදිග මුහුදේ කිලෝ මීටර් පන් දහසක් පුරා පැතිරුණු මුහුදු ප්‍රදේශයක මෙමගින් තෙල් ගවේෂණ කටයුතු සිදු කෙරේ. තෙල් ගවේෂණ කටයුතු සදහා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ලොව විශාලතම තෙල් සමාගමක් වන ෂ්ලම්බර්ලර් නමැති සමාගම සමග ගිවිසුමකට එලඹ ඇත. එමගින් රැස් කර ගන්නා ද්වීමාන සහ ත්‍රිමාණ දත්ත ඉදිරියේදී ඛනිජ තෙල් ගවේෂණ හා කැණීම් සිදුකරන සමාගම් වලට ලබා දීමට නියමිතය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *