අද කාලගුණය

Share Button

ජුනි මස පළමු වෙනදා සිට පවතින කාලගුණික තත්ත්වයේ සුළු වෙනසක් බලාපොරොත්තු වන බවත් ඒ හේතුවෙන් හෙට සිට දිවයින තුළ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් දක්නට ලැබීම අපේක්ෂිත බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව අද දිනයේ ද දිවයින වටා මුහුදු ප‍්‍රදේශයන්හි තරමක තද සුළං තත්ත්වයක් බලාපොරොත්තු වේ. බස්නාහිර, සබරගමු, මධ්‍යම හා වයඹ පළාත් මෙන්ම ගාල්ල, මාතර දිස්ත‍්‍රික්කවලට ද වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.
පැයට කිලෝමීටර් 50 – 60 තද සුළං මහනුවර, මාතලේ, බදුල්ල, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, ගාල්ල හා මාතර දිස්ත‍්‍රික්කයන්ට විටින් විට හමන අතර බස්නාහිර, වයඹ හා උතුරුමැද පළාත්වලට විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා තරමක තද සුළං ද ඇති විය හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11