2025 වසර වන විට ශ්‍රි ලංකාව පොහොසත් රටක් වශයෙන් ගොඩනගන බව අගමැති කියයි

Share Button

2025 වසර වන විට ශ්‍රී ලංකාව පොහොසත් රටක් වශයෙන් ගොඩනගන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පසුගිය වසර තුන ඇතුලත විවිධ අභියෝග හා දුෂ්කරතා මධ්‍යයේ රටේ සීඝ්‍ර සංවර්ධනයක් ඇති කළ බවද වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි. බදුල්ල චෙන්කලඩි මාර්ගයේ බිබිල සිට චෙන්කලඩි දක්වා කොටසේ සංවර්ධන කටයුතු ආරම්භ කරමින් වික්‍රමසිංහ මහතා ඊයේ මේ බව පැවසීය.
සංවර්ධනය සදහා වන සෞදි අරමුදලේ ණය ආධාර මත මාර්ගය සංවර්ධනය කෙරේ. කිලෝ මිටර් 87 ක් වන මෙම කොටස සදහා වැය කිරිමට නියමිත මුදල රුපියල් මිලියන නවදහස් හයසියයකි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *