දකුණු පළාතේ ලංගම සේවක ගැටඵවලට විසදුම් ලබාදිීමේ තවත් සාකච්ඡාවක් ප්‍රවාහන ඇමති ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ

Share Button

දකුණු පලාතේ ලංගම සේවක ගැටඵවලට විසදුම් ලබාදීමේ සාකච්ඡාවක් ප්‍රවාහන අමත්‍යංශයේදී් අද පස්වරුවේ පැවැත්වෙයි. ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් සේන විතානගේ ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන යන මහත්වරුද සහභාගිවෙති. ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක සියලුම ඩිපෝවල සේවකයන්ට නියමිත පරිදි සේවක අර්ථසාධක අරමුදල් හා සේවක භාරකාර අරමුදල් හිගයකින් තොරව ගෙවිමට මේ වනවිටත් කටයුතු කර ඇතැයි අප කළ විමසුමකදි අමාත්‍යංශ ලේකම්වරයා පැවසිය. ඊට අමතරව සේවක වැටුප්ද ප්‍රමාදයකින් තොරව ලබාදීමට පියවර ගෙන තිබෙ.් ඩිපෝ කිහිපයක් හැර සෙසු ඩිපෝ මේ වනවිට ලාභදායි තත්ත්වයකට පත්ව තිබේ. මෙවැනි තත්ත්වයක් හමුවේ අනවශ්‍ය සේවක ගැටඵ මුල්කොට සේවා අඩපන කිරිමට ක්‍රියාකිරිම සාධාරණ නොවන බවත් ගැටඵ ඇත්නම් ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසදා ගැනිමට පියවර ගැනිම වැදගත් බවත් ලේකම්වරයා කියයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *