39 වැනි ජාතික යොවුන් නාට්‍ය තරගාවලියේ අවසන් වටය අද ඇරඹේ

Share Button

39 වැනි ජාතික යොවුන් නාට්‍ය තරගාවලියේ අවසන් වටය අද ඇරඹේ. කොළඹ මරදාන ටවර් රගහලේ දී පැවැත්වෙන තරගාවලිය අවසන් වන්නේ ලබන 13 වැනිදායි. තරුණ කටයුතු ව්‍යාපෘති කළමනාකරණ හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය ජාතික තරුණ සේවා සභාව සමග එක්ව තරගාවලිය සංවිධාන කරයි. මෙවර ජාතික යොවුන් නාට්‍ය තරගාවලියේ අවසන් වටයට දිගු නාට්‍ය 6 ක් . සිංහල කෙටි නාට්‍ය . 16 ක් හා දමිළ කෙටි නාට්‍ය 4 ක් තෝරාගෙන තිබේ. පළාත් මට්ටමින් තරගාවලිය සදහා දිගුනාට්‍ය 26 ක් . කෙටි නාට්‍ය 106 ක් හා දමිල කෙටිනාට්‍ය 20 ක් ඉදිරිපත් විය. වේදිකා ගතකෙරෙන නාට්‍ය ජනතාවට නොමිලේ නැරඹිය හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *