අල ගොවීන්ගේ අස්වැන්නට සාධාරණ මිලක්

Share Button

දේශීය අල ගොවීන්ගේ අස්වැන්න සාධාරණ මිලකට සතොස හරහා ලබා ගැනීමට ජීවන වියදම් කමිටුව තීරණය කර ඇත.

ඒ අනුව අල ගොවීන් විසින් ලංකා සතොස වෙත ගෙනවිත් දෙන අල කිලෝවකට රු.100.00 ක මිලක් ලබා දෙන අතර , ලංකා සතොස නිළධාරීන් ඔවුන් වෙත ගොස් ලබා ගන්නා අල කිලෝවකට රු.90.00 ක මිලක් ලබා දෙයි.

එලෙස මිලදී ගන්නා අල කිලෝවක් ලංකා සතොස විසින් කරනුයේ රු.115.00 කටය.

දේශීය අල ගොවියා දිරිමත් කිරීමත් ,ඔවුන්ට තරඟකාරී වෙළඳපොළ අවස්ථාවක් ඇති කරලීමත්, ඒ ඔස්සේ පාරිභෝගිකයාට සාධාරණ මිලකට අල අලෙවි කිරීමත් මෙහි අපේක්ෂාව බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කරයි.

එසේම අදාළ මිල ගණන් වලටම අල ගොවීන්ගෙන්, අල මිලදී ගන්නා ලෙස අනෙකුත් පුද්ගලික අංශයේ සුපිරි වෙළෙඳසැල්වලින් ද ජීවන වියදම් කමිටුව ඉල්ලීමක් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *