බඩ ඉරිඟු අස්වැන්නට සහතික මිලක්

Share Button

පළමුවරට ශ්‍රී ලංකාව තුළ බඩ ඉරිඟු සඳහා සහතික මිලක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. අප රටේ වාර්ෂිකව බඩ ඉරිඟු අවශ්‍යතාවය මෙ.ටො. 500 කි. එසේ වුවද දැනට වාර්ෂික දේශීය නිෂ්පාදනය මෙ.ටො. 70 ක් ආනයනය කරනු ලබයි. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධව පැවති සාකච්ඡාවක දී එතුමා ප්‍රකාශ කලේ බඩ ඉරිඟු වගාව මේ වන විට ගොවීන් විසින් විශාල වශයෙන් සිදු කළත්, එම වගාව තවමත් විධිමත් නොමැති බවයි. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ වාර්ෂික බඩ ඉරිඟු නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා විධිමත් වැඩපිළිවලක් ක්‍රියාත්මක කිරීමටත්, ගොවීන්ගේ ආදායම් ඉහළ දැමීමටත් බඩ ඉරිඟු වලට සහතික මිලක් ලබා දීමට ත් තීරණය කර ඇත, මීළඟ කන්නයේ බඩ ඉරිඟු වගාව ආරම්භයේ සිට මේ සහතික මිල ලබා දෙයි. බඩ ඉරිඟු ආනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීම මෙහි අරමුණ වී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *