2019 අයවැය නොවැම්බර් 8

Share Button

2019 වර්ෂය  සඳහා වන රජයේ අයවැය ලේඛණය  මේ වසරේ නොවැම්බර් මස 08 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පාර්ලිමේන්තුවේ ඊයේ (06) පැවති පක්ෂ නායක රැස්වීමේදී සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඒ බව දැනුම් දී ඇත.

අයවැය ලේඛණයට අදාළව තෙවැනිවර ඡන්ද විමසීම සිදු කෙරෙනුයේ දෙසැම්බර් 08 වෙනිදාය.

අයවැය විවාදය සඳහා සෙනසුරාදා දිනයන් ද ඇතුළත්ව දින 24 ක් වෙන් කර ඇත.

එමෙන්ම ආණ්ඩුවේ 2019 වසර සඳහා වූ වියදම් ඇතුළත් විසර්ජන පනත්කෙටුම්පතද ඔක්තොම්බර් මාසයේ මුල් සතියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *