මේ දිනවල සියයට 60 ක් විදුලියල ජල විදුලි බලාගාර වලින් නිපදවයි

Share Button

පසු ගිය දිනවල කඳුකර ප්‍රදේශයට ලැබුණු අධික වර්ෂාව නිසා කාසල් රී සහ මවුස්සාකැලේ විදුලි බලාගාර ජලාශ පිරී ගොස් ඇත. ඒ හේතුවෙන් මේ දිනවල රටට අවශ්‍ය විදුලියෙන් සියයට 60 ක් ජල විදුලි බලාගාර මඟින් නිපදවීමට හැකියාව ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි. තාප බලාගාර මඟින් විදුලිය නිපදවීම අඩු කොට ඇති බැවින් එයින් විදුලි බල මණ්ඩලයට විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වී තිබේ. මේ දිනවල පිරිවැය ඒකක 20-22 අතර අඩු ප්‍රමාණයකින් තාප බලාගාර වල විදුලිය නිපදවෙන බවත් නැතිනම් සාමාන්‍ය අගය පිරිවැය ඒකක 25-30 අතර ගන්නා බවත්, ලංකා විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *