වකුගඩු රෝගය පැතිරයාම පාලනය කර ඇතැයි සෞඛ්‍ය ඇමති කියයි.

Share Button

වකුගඩු රෝගය පැතිරයාම පාලනය කර ඇතැයි ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කියයි. වකුගඩු රෝගයට අවශ්‍ය ඖෂධ කිසිදු හිගයකින් තොරව නොමිලේ සැපයේ. ලබන වසර මැද භාගය වන විට මෙරට සියඵම රෝහල්වලට රුධිර කාන්දුකරන යන්ත්‍ර ලබාදීමට නියමිතයි. වකුගඩු බද්ධ කිරීමේ පහසුකම්ද රෝහල්වලට ලබාදී ඇති අතර ඒ සදහා අවශ්‍ය ශල්‍ය වෛද්‍යවරුන්ද යොමුකර තිබේ. වාර්ෂිකව වකුගඩු බද්ධ කිරීම් 400 කට වැඩි සංඛ්‍යාවක් සිදුකරන බව සෞඛ්‍ය ඇමතිවරයා පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක ප්‍රියන්ත මහතා නැගු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *