ස්වභාවික මරණයකදීත් සුරක්ෂා සිසු රක්ෂණ ප්‍රතිලාභ දෙමව්පියන්ට ලබාගැනීමේ අවස්ථාව

Share Button

ඉකුත් වසරේ ඔක්තෝම්බර් පලමුවැනිදායින් පසු සුරක්ෂා සිසු රක්ෂණ ප්‍රතිලාභ නොගත් සියලුම සිසුන්ට මෙන්ම ඔවුන්ගේ දෙමව්පියන්ට එම ප්‍රතිලාභ දැනුත් ලබාගත හැකි බව අධ්‍යාපන අමාත්‍යංශයේ සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවේ අධ්‍යක්ෂ රේණුකා පීරිස් මහත්මිය පවසයි. නොපමාව ඒ සදහා ඉල්ලුම් කරන ලෙස ඇය දැනුම් දෙයි. අධ්‍යාපන අමාත්‍යංශයේ තම ශාඛාවෙන් හෝ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයෙන් හෝ ශාඛා කාර්යාලයකට එම ඉල්ලිීම ඉදිරිපත් කළ හැකිය. චක්‍රලේඛයට අනුව එවැනි ඉල්ලීම් මාස තුනක් ඇතුළත ඉදිරිපත් කළ යුතුය. එහෙත් පලමුවරට මෙවැනි රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම නිසා එම කාලසීමාව ඉක්මවා වුවද ප්‍රතිලාභ ලබාදිමට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සුදානම් බව ඇය පවසයි. සිසුවෙකුගේ හදිසි මරණයකදී පමණක් දෙමව්පියන්ට රුපියල් 75 දහසක වන්දියක් පිරිනැමිමට කලින් තීරණයවී තිබුනි. එහෙත්. දැන් ස්වභාවික මරණයකදී වුවද එම ප්‍රතිලාභ හිමිවෙයි. මේ සම්බන්ධව විදුහල්පතිවරුන් දරුවන් දැනුවත් කළ යුතු බව ඇය කියයි. රජයේ . පෞද්ගලික හෝ ජාත්‍යන්තර පාසල්වල මෙන්ම විශේෂ අධ්‍යාපන ඒකකවල සිසුන්ට මෙම ප්‍රතිලාභ හිමිවෙයි. අවශ්‍ය වන්නේ පාසලේ නාමල්ඛණයේ සිසුවාගේ නම ඇතුලත්වීම පමණි. ප්‍රතිලාභ ලබාගැනීමට කාඩ්පත හෝ හිමිකම්පත අවශ්‍ය නොවන බව ඇය කියයි. සුරක්ෂා සිසු රක්ෂණ ප්‍රතිලාභ මේ දක්වා ලබාගෙන ඇත්තේ සිසුන් 30 දහසක් පමණි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *