ජාතික ගොවි සභාව ජනපති ප්‍රධානත්වයෙන් අද හම්බන්තොට දි රැස්වෙයි

Share Button

පුරන් කුඹුරු අස්වැද්දිමේ සඳහා වන ජාතික ගොවි සභාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද හම්බන්තොටදී පැවැත් වේ. දැනට මෙරට ඇති පුරන්කුඹුරු සංඛ්‍යාව එක්ලක්ෂ හතලිස්දහසකි. ඉන් එක්ලක්ෂ දාහතර දහසක් සම්පූර්ණයෙන් ඵලදායී ලෙස වගා කළ හැකිය. කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් ඉන් පුරන් කුඹුරු අක්කර විසිහයදහසක් නැවත අස්වැද්දීමට පියවර ගැනිණි. කෙරිණි. එහෙත් තවමත් වගා කළ හැකි කුඹුරු විශාල ප්‍රමාණයක් පුරන්විමට ඉඩහැර තිබෙ.්

මීළග මහ කන්නය වන විට ඒ සියලු පුරන් කුඹුරු අස්වැද්දිමට කෘෂිකර්ම අමාත්‍යංශය හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව විධිමත් වැඩපිළිවෙලක් අරඹන බව අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි. කුඹුරු හිමිකරුවන් විවිධ හේතු ඉදිරිපත් කරමින් ඒවා පුරන්විමට ඉඩහැර තිබෙ.් හිතමතා කුඹුරු අස්වැද්දිම පැහැර හරින පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව අමරවිර මහතා පවසයි. ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව දැනටමත් එම ඉඩම් හිමිකරුවන්ට සිහි කැදවිමේ නිවේදන යවා තිබෙ.්

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *