අපොස උසස් පෙළ විභාගයේ උත්තරපත්‍ර ඇගයිීම් දෙවන අදියර අද සිට.

Share Button

අපොස උසස් පෙළ විභාගයේ උත්තරපත්‍ර ඇගයීමේ දෙවන අදියර ඇරඹෙයි. අද ආරම්භ කෙරුණු එම කටයුතු ලබන 24 වැනිදා දක්වා ක්‍රියාත්මක බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා කියයි. පාසල් 24 ක් දෙවන අදියරේ උත්තරපත්‍ර ඇගයීම සදහා යොදාගැනේ. ඉන් පාසල් 4 ක් අදාළ කාලය තුළ මුඵමනින්ම වසා තැබෙනු ඇත. සෙසු පාසල් අර්ධ වශයෙන් වසා තැබෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා කියයි.
අපොස උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්‍ෂණ ලබන 18 වැනිදා ඇරඹෙයි. එය අවසන් වන්නේ ලබන මස 02 වැනිදාය. ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්‍ෂණ ලබන මස තුන්වන සතියේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා කියයි. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට පෙර එහි ප්‍රායෝගික පරීක්‍ෂණ පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙයයි. විභාග අපේක්ෂකයන් විභාගයෙන් පසුව ප්‍රායෝගික පරීක්‍ෂණවලට පෙනී සිටීමට දක්වන උනන්දුව ප්‍රමාණවත් නොවන බැවින් එම තීරණය ගත් බව විභාග කොමසාරිස් ජනරාල්වරයා අප කළ විමසුමකදී පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *