ගිං – නිල්වලා වාරිමාර්ග ව්‍යාපෘතියේ මුල්‍ය අක්‍රමිකතා පිළිබඳව නැවත පරීක්ෂණයක් ආරම්භ කිරීමට සිදුවන බව ජනාධිපතිතුමා පවසයි.

Share Button

ගිං – නිල්වලා වාරිමාර්ග ව්‍යාපෘතියේ සිදුවුයේ යැයි පැවසෙන මුල්‍ය අක්‍රමිකතා පිළිබඳව වත්මන් රජය යටතේ නැවත පරීක්ෂණයක් ආරම්භ කිරීමට සිදුවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි. මීට අදාලව සිදුවන පරීක්ෂණවල පවතින දැඩි ප්‍රමාදය මන්දගාමි තත්ත්වය සැලකිල්ලට ගෙන එම තීරණයට එලඹිමට සිදුවනු ඇතැයි ජනාධිපතිතුමා ප්‍රකාශ කරයි. මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමේ වගකිම පැවරි ඇති ආණ්ඩුවේ සියලු දෙනා ද සිය දේශපාලන වටිනාකම් ආරක්ෂා කර ගනිමින් කටයුතු කළ යුතු බවට තමා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන බව ජනාධිපතිතුමා පැවසුවේ හම්බන්තොට ගොවි හමුවකට අද එක්වෙමිනි. හම්බන්තොට මාගම්පුර රුහුණු ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එය පැවැත්වින. පුරන්කුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහන පිළිබඳව ගොවිජනතාව දැනුවත් කිරීමේ සමාරම්භය මෙහිදී සිදුවිය. වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිතුමා රට තුළ වගා කළ හැකි ආහාර බෝග විවිධ ජාවාරම්කරුවන්ට අවශ්‍ය ලෙස පිටරටින් ගෙන්වීම කඩිනමින් නතර කිරීමේ විධිමත් වැඩපිළිවෙලක් පිළිබඳව බලධාරින්ගේ අවධානය යොමුවිය යුතු බව කීවේය. හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කයන්හි සංවර්ධනයේ නව පරිවර්තනයක් සිදු කෙරෙන සහ එම දිස්ත්‍රික්කයන්හි ගොවිජනතාවගේ අපේක්ෂාවක්වු ගිං-නිල්වලා ව්‍යාපෘතිය අත්‍යවශ්‍ය බවට වු ප්‍රතිපත්තිය තුළ රජය කටයුතු කරන බව එතුමා පැවසීය. කෘෂිකර්ම ක්‍ෂේත්‍රයේ පිබිදීමක් ඇති කරමින් ගොවි ආර්ථිකය නගාසිටුවීම සදහා රජය ගෙනයන පුඵල් වැඩසටහන පිළිබඳවද ජනාධිපතිතුමා අදහස් දැක්වීය.
මේ අතර. අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ඉදිකෙරුනු නව තෙමහල් ගොඩනැගිල්ල ජනාධිපතිතුමා අතින් අද පෙරවරුවේ ජනතා අයිතියට පැවරින. මේ සදහා ස්වදේශ කටයුතු අමාත්‍යංශය රුපියල් ලක්ෂ 990 ක් වැය කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11