City FM තුළින් “ තනි තරුව“ පායයි

Share Button

අහස් කුස මැද දිදුලන තනි තරුවකි.  ඒ තරුවෙන් ගුවන් තලයට එක් වී ඇති සුන්දරත්වය මෙතෙකැයි වචනයෙන් විස්තර කළ නොහැකි තරම්ය. සිංහල සංගීත ක්ෂේත්‍රය මේ නිල් අඹරට උපමා කළහොත් එහි පෑයු තනි තරුව  ආචාර්ය වික්ටර් රත්නායකයන් හැර අන් කවරෙක්ද?

වික්ටර් රත්නායකයන් පොතක් නම් එහි මුල් පිටු ලියවෙන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේදීය. ඔහු මහා වනස්පති වෘක්ෂයක් නම් එහි අක්මුල් ගුවන්විදුලි සංස්ථාව තුළ ද මුල් බැස ගෙන තිබේ.

ආදරය, ප්‍රේමය, විරහව, තනිකමවන් බොහෝ දෑ පිළිබඳව ඔහුගේ මිහිරි හඬින් ගැයුණු ගීත බොහොමයකි. ගුවන්විදුලියේ දැවැන්තයන් වු ප්‍රේමකීර්ති ද අල්විස් , කේ.ඩී.කේ. ධර්මවර්ධන, ඩෝල්ටන් අල්විස් වැන්නවුන්ගේ සිතුවිලි අතරින් ඉපදුණු මිහිරි පදවැල් වික්ටර් රත්නායකයන්ගේ මියුරු හඬ හා මැනවින් සුසංයෝජනය විය.

ගුවන්විදුලියේ පස්වැනි මැදිරිය ඒ ගීත බොහොමයක් උපන් තිඹිරි ගෙය විය.  ඒ බොහොමයක් ගීත පිටුපස සැඟව ඇති කතාව ද ඔහුගේ ගීත තරමට රසවත්ය.

“තනි තරුව“ වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ  City FMහි ගුවන් කාලයෙන් හෝරාවක්ම වෙන්වන්නේ ඒ රසවත් පිළිසඳරට ඉඩකඩ සපයමිනි. විවේකී සති අන්තය වික්ටර් රත්නායකයන්ගේ ගී මධු මිහිරත් සමඟ තනිවන්නට හොඳම කාලය නොවේද?

එහිදී වික්ටර් රත්නායකයන් යලි කියවන විට රසික සිත් තුළ ළැඟුම් ගත් ඔහුගේ සොඳුරු ගීත ද යළි පණ ලබනු ඇත. ඒ ගී හඬ සමඟ තනිවන්නට ඔබ කොහේ හෝ සිට බලා සිටින බව අපි දනිමු.  ඇඟිලි ගනිමින් සිටින්න, ඒ මොහොත උදාවන දිනය අත ළඟය.

 

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *