බෞද්ධ සාහිත්‍ය උලෙළ ලබන 14 වෙනිදා

Share Button

බෞද්ධ සාහිත්‍ය උලෙළ 2018 සැප්තැම්බර් මස 14 වන දින ප.ව 2.30 බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලා පරිශ්‍රයේ දී  පැවැත්වේ.

ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහානායක ස්වාමින්වහන්සේ මෙහි මූලාසනය හොඹවනු ලබන අතර බුද්ධශාසන ඇමති ගාමිණ ජයවික්‍රම පෙරේරා මහතාගේ හා උසස් අධ්‍යාපන ඇමති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් සාහිත්‍ය උළෙල පැවැත්වේ.

2017 වසරේ දී ප්‍රකාශයට පත් කළ  බෞද්ධ ග්‍රන්ථ,පද්‍ය,සඟරා කලා විශිෂ්ට නිර්මාණ අගයමින් එම නිර්මාණයන් රචනා කළ ,සංස්කරණය කළ විද්වතුන් වෙත ප්‍රණාම පිරිනැමිමක් මෙහිදී සිදු කෙරේ.

එදිනට ආචාර්ය එඩ්වින් ආරියදාස විද්වතාණන්ට, ‘ගුණපාල මලලසේකර’ සම්මානය පිරිනැමීමට නියමිතය. බෞද්ධ ශාස්ත්‍රීය,පර්යේෂණ ,පරිවර්තන,සංස්කරණ,දේශන,වැනි කේෂ්ත්‍රයන් වෙත එතුමන් කරන ලද අද්විතීය සේවය අගයමින් මෙම ඇගයීම සිදු කෙරෙයි.

එමෙන්ම සිය දිවි මඟෙහි බොදු සිතුවම් ඉදිරිපත් කිරිමෙන් සිදු කරන ලද අනභිභවනීය මෙහෙවර අගයමින් සුනිල් වීරකුමාර මහතාට’ සොයිලියස් මැන්දිස් සම්මානය’ පිරිනැමීමට ද නියමිතය .

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මඟින් සංවිධානය කරනු ලබන මෙම උළෙල මෙවර පැවැත්වෙන්නේ 12 වෙනි වතාවටයි.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *