ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගෙන් සාක්ෂි ලබාගැනිම 19 වැනිදායින් පසු

Share Button

2008/2009 වකවානුවේදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරිම. කප්පම් ගැනිම . යන චෝදනා යටතේ බන්ධනාගාර ගත කර ඇති හිටපු ලුතිතන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි මහතා ලබන 26 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද නියෝිග කළාය. සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂියක් ලබාගැනිමට රහස් පොලිසියට කැදවා තිබු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජයගුණවර්ධන මහතා මේ වනවිට සිටින්නේ මෙක්සිකෝවේය. ඔහු යලි පැමිණෙන්නේ ලබන 19 වැනිදා බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *