ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 68 දෙනෙකු මරුට

Share Button

ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ප්‍රදේශයේ සිදුවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 68 දෙනෙක් මරණයට පත්වෙති. උද්ඝෝෂණයක නිරතව සිටි පිරිසක් අතරට පැමිණ බෝම්බකරු බෝම්බය පුපුරවා හැර තිබේ. සිද්ධියෙන් 165 දෙනෙක් තුවාල ලැබුහ. මෑත කාලයේ ඇෆ්ගනිස්ථානයෙ සිදුවු දරුණුතම ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස එය සැලකේ. කිසිඳු කණ්ඩායමක් මේ දක්වා ප්‍රහාරයේ වගකීම භාරගෙන නැත. පසුගිය කාලයේ එරට සිදුවු ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් ජීවිත සිය ගනනක් අහිමි විය. ඇෆ්ගනිස්ථානයේ මහ මැතිවරණය ලබන මස පැවැත්විමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *