කොලොන්නාව සුපිරි පුරයක් කරනවා

Share Button

( නදීරා අමරසිංහ)

 

මේ කවුද මොනවද කරන්නේ.

කොළඹ දිස්ත්‍රිකයේ පිහිටා තිබුණද කොලොන්නාව අඩු ආදායම්ලාභීන් වැඩි පිරිසක් සිටින , ඒක පුද්ගල ආදායම පහළ මට්ටමක පවතින, පැල්පත්වාසීන් බහුල ප්‍රදේශයක් . තවමත් නිසිලෙස සංවර්ධන නොවුණු නමුදු කොලොන්නාව විධිමත් සංවර්ධනයකින් අනතුරුව ශ්‍රී ලංකාවේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ හැකියාවද පවතියි. කොලොන්නාව සංවර්ධන කිරීමේ ඉදිරි සැලසුම් හා මෙතෛක් ඉටු කළ සංවර්ධන පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ කොලොන්නා සංවිධායක එස්. එම් මරික්කාර් මහතා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ “ මේ කවුද මොනවද කරන්නේ“ වැඩසටහනට එක්වෙමින් මෙසේ පැහැදිලි කරන ලදියි.

 

කොලොන්නාවට අඩු වටිනාකමක් ලැබිල.

කොලොන්නාව කොළඹ දිස්ත්‍රික්කයේ දුර්වලම අධ්‍යාපන කලාපය, මත්කුඩු ගහණ,අඩු ආදායම්ලාභීන් වැඩි, සංවර්ධනය හීනවුණ ප්‍රදේශයක්. එම ප්‍රදේශය දියුණු කිරීම අභියෝගයක්. එම අභියෝගයට මුහුණ දෙමින් මම කොලොන්නාව ප්‍රදේශය භාර ගත්තා. කොලොන්නාවේ ඉදන් කෙලින්ම බැලුවොත් කොළඹ, කොළඹ පර්චස් එකක් ලක්ෂ 60යි – 70යි. අංශක 45 ක් වමට හැරුණහම කෝට්ටේ , පර්චස් එකක් ලක්ෂ 30යි, 35යි. අංශක 90 ක් හැරුණහම බත්තරමුල්ල, තලාහේන, මාළඹේ නගර එහි පර්චස් එකක් ලක්ෂ 15යි- 20යි. නමුත් කොලොන්නාවේ පර්චස් එකක් ලක්ෂ 3-4යි.

 

ඒ අඩු වටිනාකම ජන ජීවිතයට බළපෑමක්.

එහෙම අඩු වටිනාකමක් ලැබීම නිසාම කොලොන්නාවේ සංවර්ධනයත් අඩාල වෙලා. අඩු ආදායම්ලාභීන් වැඩියි. ඒක පුද්ගල ආදායම ඉතාමත් පහළ අගයක පවතින්නේ. කොළඹ නගරයේ පැල්පත්වාසීන් කොලොන්නාව ආක්‍රමණය කරල. ඉඩම්මිල වැඩිවුනොත්. ඒක පුද්ගල ආදායම වැඩි වෙනවා. සංක්‍රමණිකයන්ගේ පැමිණීමත් අවම වෙනවා.

අඩු වටිනාකමක් ලැබුනේ ඇයි?

ලංකාවේ ප්‍රධාන මාර්ග පහක් තියෙනවා.  ගාලු පාර, නුවර පාර, හයිලෙවල් පාර, ලෝ ලෙවල් පාර. මේ ඔක්කොම පාරවල් හදල තිබුණත් ලෝ ලෙවල් පාරේ ඔරුගොඩවත්තේ ඉදන් අඹතලේ දක්වා කොලොන්නාවේ කොටස හදල නැහැ.

ඒ නිසා වතුර බැහැගෙන යන්න විදිහක් නෑ. කොළඹ අවට පිහිටියත් සැබෑ නාගරිකත්වය කොලොන්නාවට ලැබිල නැහැ. ලෝ ලෙවල් පාර හදන්න මහා භාණ්ඩාගාරයට, අගමැති කාර්යාලයට, මාර්ග සංවර්ධන අධිකාරියට ගිහිල්ල සභාපතිතුමා නෙවෙයි, තාක්ෂණ නිලධාරීන් ගාවට පවා ගියා. සමහර වෙලාවට මහා භාණ්ඩාගාරේ පියන්ව පවා අල්ලගෙන තියෙනවා ලෝ ලෙවල් පාර හදන්න.

පාර හදන්නේ කොහොමද?

දැන් ලක්ෂ අසුපන්දාහක්, මිලියන 8500 ක් වෙන් කරල ලෝ ලෙවල් පාර ලංකාවේ හැදෙන සුපිරි පාරක් විදිහට හැදීගෙන යනවා. ලබන අවුරුද්දේ දෙවන කාර්තුව වෙනකොට මේ පාර දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගන්න පුළුවන් හැම අමාත්‍යාංශයකින්ම දණ ගහල, රණ්ඩු කරල, පිංසෙන්ඩුවෙලා ලක්ෂ 2,500 ක විතර අතුරු පාරවල් හදල තියෙනවා. මේ පාරත් හදනවා තව ලක්ෂ 2,500 ක පාරවල්. ඇල මාර්ග බෝක්කු හදාගෙන යනවා. කොලොන්නාව ප්‍රදේශයේ පාසල්වලට, විහාරස්ථාන 61න් 47 කටම විශාල වශයෙන් මුල්‍ය ආධාර ලබා දීල තියෙනවා.

කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පාසල් 20 ක් තියෙනවා. ඉස්සර සාමාන්‍ය පෙළ විභාගයට 9A ගත්ත ළමයි 10 ක් නෑ. මට කියන්න සතුටුයි. මේ පාර  A9 ගත්ත ළමයි 15කට වැඩිය ඉන්නවා. 2020 වෙනකොට අඩුම තරමින් ළමයි 50ක්වත් විශ්වවිද්‍යාලයට යවන්න කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. කොලොන්නාව උගතුන්ගේ බුද්ධිමතුන් සිටින තැනක් බවට පත් කිරීම බිම් මට්ටමින් ආරම්භ කරනවා.

කැළණි ගඟ නිසා කොලොන්නාට විපත් වැඩිද?

ආණ්ඩුවේ මන්ත්‍රී වුණා කියල නිකම් ආධාර හම්බු වෙන්නෙ නැහැ. කැළණි ගඟේ තත්ත්වය පිළිබඳ හදාරල හදාරලම මට ඒ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා.

කැළණි ගඟේ කොහිලවත්තෙන් වංගුවක් ( Bend) තියෙනවා. කැළණි ගඟ වෙන ගංගාවන් වගේ ස්වභාවිකව ගලන ගඟක් නෙවෙයි. වතුර උඩ ඉඳන් වැටෙනවා. ඒ වතුර ගලා එන ස්පීඩ් එක මේ වංගුවේ දී ගන්න විදිහක් නෑ. වංගුව ගත්තහම ඒ  Speed එක දරා ගන්න බැහැ.

ඉතින් ඒකට මොකද කරන්නෙ?

මේකට ලෝකේ දියුණු තාක්ෂණයක් තියෙනවා Water Master Technology කියල. පෞද්ගලිකව ව්‍යාපාරිකයෙකු මට සහය දක්වන්න කැමැත්ත ප්‍රකාශ කරල තියෙනවා. එතුමා කිව්ව ඛාදනය වෙන නිසා ගල් වැටි ගහල දෙන්න කිව්වා ඒක එතුමාගේ වියදමින් කරන්නම් කියල.  එතුමාට පෙන්නල ගිය අවුරුද්දේ මිලියන 70 ක් අරගෙන වැඩ කරන්න පටන් ගත්ත.  මංගල සමරවීර ඇමතිතුමාගෙන්  මිලියන 400 ක් අරගෙන දැන් වැඩ යනවා.

මොකක්ද මේ Water Master Technology කියන්නෙ?

Water Master කියන්නෙ එකේ පියවර තුනක් තියෙනවා. උඩ මිලි මීටර් 190කට වැඩිය උඩ වහිනකොට මෙහෙන් Speed එකෙන් මෝය කටට වතුර අදින්න පුළුවන් තාක්ෂණයක්. ඒක තමයි අපිට කරන්න පුළුවන් එකම විකල්පය.

ඒ වගේම අගමැතිතුමා බිලියන 2.23 ක් පාස් කරල තියෙනවා අඹතලේ සිට ගෑන්ඩ්පාස් පාර මංතීරු තුනකින් හදන්න ආරම්භ කිරීම සඳහා.

මේ වැඩ කරන්න විමධ්‍යගත අරමුදල් ප්‍රමාණවත් ද?

විමධ්‍යගත අරමුදල කියන්නෙ ඒ කාලේ ප්‍රේමදාස ජනාධිපතිතුමා 1989 දී ලක්ෂ 50 ක් දුන්නා. ඒ කාලේ ලක්ෂ 50 ක් කියන්නෙ දැන් ලක්ෂ 500 ක් විතර වෙනවා. ලක්ෂ 100කින් මොනවද කරන්න පුළුවන්, ක්‍රීඩා සමාජවලට බැට් ටිකක්, බෝල ටිකක් දෙන්න පුළුවන්. පන්සල්වලට, ඉස්කෝලවලට කීයක් හරි දෙන්න පුළුවන්.

හරියට පාරක් හැදුවොත් ලක්ෂ 50 ක් යනවා. සාමාන්‍යයෙන් පාරක් කාපට් කළත් ලක්ෂ 50 ක් විතර යනවා. ඒ වගේ පාරවල් දෙකක් හැදුවහම මොකක්ද සංවර්ධනේ.

මෙච්චර අමාරුවෙන් කරන සංවර්ධන වැඩවලට ජනතා සහය ලැබෙනවාද?

මිනිස්සු හිතන් ඉන්නෙ ඇමතිතුමා ළඟට ඇවිත් ඔක්කොම කරල දෙන්න ඕනි කියල. ඉස්සර හිටපු ආණ්ඩුවල ඇමතිවරු ඒ විදිහට වැඩ කරපු වටපිටාවක් තිබුණ. මිනිස්සු හිතන්නෙ මන්ත්‍රීතුමාගෙන් ලියුමක් අරන් ගියහම, මන්ත්‍රීතුමාට කිව්වහම පාර හැදෙයි, රස්සාවක් හම්බුවෙයි, බෝක්කු හැදෙයි කියල. මන්ත්‍රීතුමා ගෙදරින් ගෙනත් හදන්නද? ඒකට මිනිස්සුන්ට දොස් කියල වැඩක් නැහැ. මිනිස්සු ඒ විදිහට පුරුදු වෙලා ඉන්නෙ.

අදාළ රේඛීය අමාත්‍යාංශ වලින් ඒක කරන්න ඕනි. හැබැයි මම නම් පොඩි වැඩක් කරනවා. හරි එන්නකෝ කියල මම මිනිස්සුන්ව අමාත්‍යාංශවලට එක්කගෙන යනවා. එහෙම එක්කගෙන ගියහම තමයි එයාලට තේරෙන්නෙ.

කොලොන්නාවේ වැසියන් සහජීවනයෙන් ජීවත් වෙනවාද?

කොලොන්නාවේ වැසියන්ගෙන් 73% ක් සිංහල, 13%ක් මුස්ලිම්, 6%ක් දෙමළ. මම ඉස්ලාම් ආගම ඇදහුවත් ශ්‍රී ලංකිකයෙක්. හැබැයි සමාජය බලන්නෙ මුස්ලිම් කියල. පන්සල්වල හාමුදුරුවරු ඔක්කොම මාත් එක්ක හිතවත්. කිසි ප්‍රශ්නයක් නෑ. කොළඔ දිස්ත්‍රික්කයේ ප්‍රශ්නයක් ඇති කරනවා නම් ලේසියෙන් ප්‍රශ්නයක් ඇති කරන්න පුළුවන් කොලොන්නාවේ.  හැබැයි එහෙම ප්‍රශ්න ඇතිවෙලා නැහැ. ඇති වෙන්න දීලත් නැහැ.

එහෙම දේවල් සිදු නොවන්න අවශ්‍ය වටපිටාව අපි සකස් කරල තියෙන්නෙ. සංහිදියාව කියන එක හොඳට තියෙන තැනක් තමයි කොලොන්නාව. ඒ මිනිස්සු දුප්පත්, අධ්‍යාපන මට්ටම අඩුයි. හැබැයි ඒ මිනිස්සුන්ගේ සහජීවනය අතිවිශිෂ්ටයි.  රටවලුත් එහෙමනේ, දුප්පත් රටවල්වලට වෙනත් රටවල් අල්ලා ගැනීමේ උවමනාවක් නැහැ.

ප්‍රදේශය දියුණු කරන්න විදේශ ආධාර ලබා ගත්තේ නැද්ද?

මම එක රටක තානාපති කාර්යාලයක් සමඟ කතා කරල තියෙනවා, ඒක අරාබි රටක් නෙවෙයි . ඒකත් කියනන් ඕනි.

ගංවතුරෙන් පීඩාවට පත්වුණ අයට ගෙවල් හදන්න අග්‍රාමාත්‍යතුමා හරහා ප්‍රබල ව්‍යාපාරිකයෝ ගෙවල් 150ක් හදන්න ආධාර මුදල් වෙන් කරල තියෙනවා. මගේ ආසනේ ඒ වෙනුවෙන් , අක්කර 3 2/1ක ඉඩමක් ගන්න කටයුතු කළා. අමාත්‍යාංශයේ නම කියන්න හොඳ නැහැ අවුරුද්දක් තිස්සේ ඒ ගොල්ලෝ ඒක රිලීස් කරන්නේ නැහැ.

ගිය සැරේ ගියහම ඇමතිතුමා කිව්ව කොහොම හරි දෙන්නම් කියල, මං කිව්ව නැත්තම් බලෙන් අල්ල ගන්නවා කියල. මං මේ සම්බන්ධයෙන් තානාපති කාර්යාලයක් සමඟ කතා කළා. ඒ අයටත් මං කිව්වේ ඔය ගොල්ලෝ කතා කළාට වැඩක් නැහැ. අපිට උදව් කරන්නෙ නැත්නම් කියල. ගෙවල් 300ක් හදන්න ආධාර දෙන්නම් කිව්ව, හම්බු වෙනකම් ෂුවර් නැහැ.

කුණු කන්ද නිසා පසුගිය දවස්වල කොලොන්නාවේ ලොකු ආන්දෝලනයකුත් වුණා.

කොලොන්නාව කොළඹ ඉඳන් කිලෝ මීටර් 2ක් දුර නැහැ. කොළඹ- කටුනායක අධිවේගී මාර්ගයේ ඉඳන් කිලෝමීටරයක් නැහැ. ලංකාවේ ප්‍රධාන රේගු බහාලුම් මධ්‍යස්ථානයේ ඉඳන් මීටර් 500 ක් දුරු නැහැ. මේක ආර්ථීක මරුමස්ථානයක් කරන්න ඕනි තැනක්. කොරියානු සමාගමක් ඉදිරිපත් වුණා මෙහි කසල කළමනාකරණ කටයුතු සිදු කරන්න.

ඔවුන් කිව්වේ මොකක්ද?

ඔවුන් කිව්ව කැබිනට් අනුමැතිය සහිත කසල කළමනාකරණය පිළිබඳ විදුලියට ගෙවන රු.35 ගෙවනන් කියල. පගාව ලබා ගන්න බැරි හින්ද සමහර නිලධාරී මේකෙන් මේ මුදල ගෙවන්න බැහැ කියල කියනවා.

දැන් නාගරික උද්‍යාන හදන්න යනවා. මං කියල තියෙන්නේ, නාගරික උද්‍යාන හදන්න පැත්ත පළාතේ එන්න එපා කියල. මේ අක්කර 28 භූමිය රත්තරන් මැණික් ඉල්ලමක්.මේ ජනතාවට කරන්න පුළුවන් ලොකුම ගෞරවය  තමා  විද්‍යාත්මකව මේ පිළිබඳ අධ්‍යයනය කරල මේ කුණු ටික ප්‍රතිචක්කීරණය කරල විසදුමක් ලබා දෙන එක. කොලොන්නාව ලෝ ලෙවල් කලාපයේ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත් කරන්න පුළුවන්. මම ඒක කරන්න හුදකලා සටනක් ගෙනියනවා.

අද කරන සංවර්ධනය හෙට වෙනකොට අමතකයි නේද ?

දේශපාලනය ඉවසීමේ ක්‍රීඩාවක්. මේකේ කලකිරෙන්න, නාහෙන් අඬන්න ඕනි තරම් හේතු තියෙනවා.  කලකිරීම කියන්නේ දේශපාලනය තුළ තහනම් වචනයක්.බලය කේන්ද්‍රකරගෙන තමයි හැමදේම වෙන්නේ.  අමාත්‍යාංශ ලේකම්වරු, සභාපතිවරු සමහර වෙලාවට අපේ ලයින් එකටවත් එන්නෙ නැහැ.

හැබැයි ඇමතිතුමා කතා කළොත් සභාපතිල ටක්ගාල වැඩේ කරල දෙනවා.  සභාපති වැඩේ කරල දෙන්නෙ නැත්නම්, ඩී.ජී ට , ටෙක්නිකල් ඔෆිර්ස්ට කියල පියන් අල්ලගෙන හරි වැඩේ  කරන්න ඕනි. ඒක තමයි මගේ තියරි එක. අන්තිමට ජනතාවට වැදගත් වෙන්නේ සභාපතිව සම්බන්ධ කර ගන්න පුළුවන් වුණාද  නැද්ද කියන එක නෙවෙයි. වැඩේ කෙරුණද නැද්ද කියන එක.

මේ ආණ්ඩුව රජයේ සේවකයන්ගේ පඩි රු.10,000 කින් වැඩි කලා කෝ වැඩක් වුණාද? රජය ඒ වෙනුවෙන් අවුරුද්දකට බිලිටන 168 ක් ඒ වෙනුවෙන් ගෙවන්න ඕනි. රු.2,500 බැගින් සමෘද්ධි සහනාධාරය ලබා දුන්නනම්, එතන ලක්ෂ පහක ඡන්දය ලැබෙනවා ගෙඩි පිටින්.

 

ප්‍රෙට්රල් වලින් රජය රු. 41ක් අල්ලගෙන ඉන්නවා. ගෑස් වලින් රු. 1 ,250 ක් අල්ලගෙන ඉන්නවා. කෝ වැඩක් වුණාද? ගැබිණි මාතාවන්ට රු. 25,000 ක් දෙනවා, අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ග 48 ක මිල අඩු කරල තියෙන්නෙ. කාට හරි මතකද? ඇස් කාච ලබා දෙනවා. ග්‍රාම සේවක වසමකට රුපියල් ලක්ෂ 10 බැගින් ලබා දෙනවා. වැඩක් වුණා?

එන්න එන්න මිනිස්සුන්ට කටයුතු කරන්න වෙන්නේ දියුණු සමාජයක් එක්ක, දියුණු චින්තනයක් එක්ක. ඒ දියුණු දේවල් එක්ක කටයුතු කරන්න 95% කට වැඩි පිරිසක් කැමතියි. 5% ක් විතර ඉන්නවා රජ අරාජික කරන්න බලාගෙන. මට එක උදාහරණයයි දෙන්න පුළුවන්, අපේ දෙමව්පියන්ගේ කාලේත් මේක දියුණු වෙමින් පවතින රටක් කියල , දැනුත් අපි කියන්නේ දියුණු වෙමින් පවතින රටක් කියල. අඩුම ගානේ මේක අපේ දරුවන්ගේ කාලේදීවත් දියුණු රටක් බවට පත් කරන්න නම්, මේක අපේ රට , අපි හැමෝගේම රට අපි රුවටෙන්න ඕනි නැහැ කියල හිතනන් කියල සියලු ලක් වැසියන්ගෙන් ඉල්ලන්න කැමතියි.

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11