ද්විත්ව පුරවැසියෙකුට ජනාධිපතිවරණයට තරග කළ හැකිද?

Share Button

ද්විත්ව පුරවැසියකුට ජනාධිපති අපේක්‍ෂකයකු විය නොහැකි  බවට වන නීතිමය ප‍්‍රතිපාදන මොනවාද?

මේ පිළිබවද නීතිමය ප‍්‍රතිපාදන ඇතුලත් වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් වූ 19 වන සංශෝධනය මගිනි

ඒ අනුව 19 වන සංශෝධනයෙන් සංශෝධිත ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 91.1(ඈ) අනු ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීධූරයක් දැරීමට නුසුදුසුකමක් වශයෙන්  XIII යටතේ   “වෙනත් රටක ද පුරවැසියකු වන ශ‍්‍රී ලංකාවෙ පුරවැසියකු” යනුවෙන් එකතු කර ඇත.

ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත්කර ගැනීමට නුසුදුසුකම් දැක්වෙන 92 වන ව්‍යවස්ථාවේද  ර්‍ණ(ආ) 91 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනුව්‍යවස්ථාවේ (ඈ) (ඉ)  (ඊ) හෝ (උ) ජේද යටතේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස තෝරා පත් කර ගැනීමට නුසුදුස්සකු වීම”;(අනෙකුත් නුසුදුසුකම්ද දක්වා ඇත) නොවේ නම් ජනාධිපතිවරයකු ලෙස තෝරා පත්කර ගැනීමට සුදුස්සෙක් වන්නේය යනුවෙන් දක්වා ඇත.

මේ අනුව 19 වන සංශෝධනය අනුව ද්විත්ව පුරවැසියකුට ජනාධිපතිවරණයක් සදහා තරග කල නොහැක.

1981  අංක 15 දරන ජනාධිපතිවරයා තොරාපත්කර ගැනීම පිළිබද පනතේ ප‍්‍රතිපාදන

මෙම පනත අනුව ජනාධිපතිවරණය සදහා නාම යෝජනාවක් ඉදිරිපත් කල යුත්තේ මැතිවරණ කොමසාරිස් වෙතය.එහිදී විරෝධතා දැක්වීම පිළිබදව 14.1 වන වගන්තියේ දක්වා ඇත.

විරෝධතා දැක්විය හැකි කරුණු 3කි

  1. ජනාධිපතිවරයා ලෙස තෝරාපත්කරගැනීම සදහා ඒ අපේක්‍ෂකයා සුදුසුකම් ලබා නොමැතිවබව නාම යෝජනා පත‍්‍රයේ අඩංගු කරණුවලින් පැහැදිලි වීම
  2. දූෂණ ක‍්‍රියාවකට හෝ නීති විරෝධී ක‍්‍රියාවකට වරදකරු වී ජනාධිපති අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වීමට නුසුදුසුවී ඇතිබව
  1. ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසින් ප‍්‍රජා අශක්නුතාවක් පත් කර ඇති අයෙකු බව

ඒ අනුව මෙම 14.1 වගන්තියේ දක්වන කරුණක් මැතිවරණ කොමසාරිස්වරයා විසින් පිළිගතහොත් නාමයෝජනාව ප‍්‍රතික්ෂේප කල හැකි බව පනතේ 15 වන වගන්තියේ දක්වයි.

මේ ප‍්‍රතිපාදන අනුව බැලූ බැල්මට ම ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයකුගේ නාම යෝජනාවක් ජනාධිපතිවරයා සදහා ඉදිරිපත් වී ඇති අවස්ථාවක ජනාධිපතිවරණ පනතේ 14.1 යටතේ ඉදිරිපත් කරන විරෝධතාවක් මගින් ඹහු ශ‍්‍රි ලංකාවේ පුරවැසිභාවයට අමතරව වෙනත් රටක පුරවැසිභාවක් පවතින බවට සාර්ථකව කරණු තහවුරු කරන්නේ නම් එවැනි නාමයෝජනාවක් මැතිවරණ කොමසාරිස්(මැතිවරණකොමිසම)  විසින් ප‍්‍රතික්ෂේප කල යුතුය.

නමුත් එකී පනතේ 14.1 අ අනුවගන්තිය දක්වා සිටින්නේ ජනාධිපතිවරයා ලෙස තෝරාපත්කර ගැනීම සදහා ඒ අපේක්‍ෂකයා සුදුසුකම් ලබා නොමැතිව බව නාම යෝජනා පත‍්‍රයේ අඩංගු කරණු වලින් පැහැදිලි වීම යන කරුණ විරෝධතාවක් ලෙස ඉදිරිපත් කල හැකි බවයි ඒ අනුව කරුණු කිහිපයක් අපැහැදිලිය’

 නාමයෝජනා පත‍්‍රයේ තමන් වෙනත් රටක පුරවැසියකු වන්නේ ද නැද්ද යන ප‍්‍රශ්නය අසා නැත්නම් අදාල සුසුසුකම නාමයොජ්නා පත‍්‍රයේ අඩංගු කරුණුවලින් පැහැදිලි වන්නේ කෙසේද?

(දැනට වලංගු නායෝජනා ආකෘතිය ජනාධිපති මැතිවරණ පනතේ පළමුවන උපලේඛණය අනුව මෙවැනි පැහැදිලි කිරීමක් නොමති)  “තමන්ට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාවේ දක්වා ඇති නුසුදුදුකමකට භාජනය වී නොමැති බවට” අපේක්‍ෂයාගේ ප‍්‍රකාශයේ ඇතුලත් වී ඇත.

ගීතා කුමාරසිංහගේ නාම යෝජනා භාරගත්තා නේද?

කිසිසේත්ම නැත. ගීතා කුමාරසිංහගේ නාමයෝජනා පත‍්‍රය භාරගැනීම සිදුකලේ පාර්ලිමේන්තු මහ මැතිවරණ පනත අනුවය. එහි විරෝධතාවය දැක්විය හැකි අවස්ථාවන් අතර  “වෙනත් රටක පුරවැසිභාවය ලබාතිබීම” හෝ නාමයෝජනා සදහා සුදුස්සෙකුවීම දක්වා නැත. නමුත් ඉහත විස්තර කල පරිදී ජනාධිපතිවරණ පනත අනුව ඉදිරිපත් කරන නාම යෝජනාවකදී අදාල අපේක්‍ෂකයා අපේක්‍ෂකධූරයකු ලෙස ඉදිරිපත් වීමට සුදුසුකම් ලබා තිබිය යුතුය. එසේ නොමැති අයකු ඉදිරිපත් වුවහොත් එය මුල් අවස්ථාවේදීම ප‍්‍රතික්ෂේප කිරීම මැතිවරණ කොමිසමේ නීතිමය වගකීමක් වන අතර ඕනෑම පුරවැසියකුට එහිදී විරෝධතා දැක්වීටමේ අවස්ථාවක්ද ඇත. එයට අමතරව අපේක්‍ෂකයා විසින් ඉදිරිපත් කරනු ලබන දිවුරුම් ප‍්‍රකාශයේ අසත්‍ය කරුණු ඉදිරිපත් වුවහොත් එය දඩුවම් ලබන වරදකි.

 

 

 

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *