ශ්‍රී ලංකා-සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම පිළිබඳව විශේෂඥ කමිටු නිර්දේශ අනුව කටයුතු කිරීමට රජය සුදානම්
ශ්‍රී ලංකා-සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම පිළිබඳව විමර්ෂණය කිරීමට තමා පත්කළ විශේෂඥ කමිටුවේ පරීක්ෂණ සාර්ථකව සිදුවන බව ජනාධිපතිතුමා පැවසීය. ඒ සදහා තම අදහස් ඉදිරිපත් කිරීමට ඕනෑම අයෙකුට හැකිය. එම කමිටු වාර්තාවෙන් මෙම ගිවිසුම මගින් රටට අහිතකර තත්ත්වයක් ඇති වන බවට නිර්දේශ කළහොත් එහි අහිතකර තත්ත්වයන් ඉවත් කිරීමේ වගකීම තමා භාර ගන්නා බව පැවසු ජනාධිපතිතුමා යම් බරපතල තත්ත්වයක් වාර්තා වුවහොත් ඒ සදහා අවශ්‍ය පියවර ගන්නා බවද සදහන් කළේය.