ආසියානු කුසලානයේ පළමු තරගයට අද ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය තරග වදී. – මහවැලි ක්‍රිඩා උළෙල ඇඹිලිපිටියේදී ඇරඹෙයි.
14 වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩුබායි හිදී පැවැත්වෙයි. මෙය බී කාණ්ඩයේ තරගයකි. ඇෆ්ගනිස්තානය ද බී කාණ්ඩයේ සිටී. ඉන්දියාව . පකිස්තානය සහ හොංකොං ඒ කාණ්ඩයෙන් තරග වදී. මෙම තරගාවලිය එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවැත්වෙන 3 වන අවස්ථාව මෙයයි. මේ දක්වා ඉන්දියාව 6 වතාවක් ශුරතාව දිනාගෙන ඇති අතර ශ්‍රී ලංකාව පස් වතාවක් දිනාගෙන ඇත. අවසන් වරට ශ්‍රී ලංකාව කුසලානය දිනාගෙන ඇත්තේ 2014 වසරේදීය. තරගාවලි ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කර ඇත්තේ සනත් ජයසුරිය යයි. ඔහු සහ කුමාර සංගක්කාර පමණක් ලකුණු දහස සම්පුර්ණ කර ඇත. වැඩිම ශතක ප්‍රමාණයක් වාර්තා කර ඇත්තේද ජයසුරිය සහ සංගක්කාරයි. පන්දු යැවීමෙන්ද ඉදිරියෙන් සිටින්නේ මුත්තයියා මුරලිදරන් සහ අජන්ත මෙන්ඩිස්ය. ලසිත් මාළිංග සිව්වන ස්ථානයේ පසුවෙයි. තරගය පිළීබඳ සජීවි විස්තර ප්‍රචාරයක් ගෙනඒමට ජාතික ගුවන්විදුලිය සුදානමින් සිටී. තරගය පස්වරු 4.00 ට පමණ ආරම්භවීමට නියමතිය.
30 වැනි මහවැලි ක්‍රිඩා උළෙල අද ඇඹිලිපිටිය මහවැලි ක්‍රිඩාංගනයේදි ඇරඹෙයි
ආරක්ෂක සේවා මළල ක්‍රිඩා උළෙල කොළඹ සුගතදාස ක්රිඩාංගනයේදී මේ දිනවල පැවත්වෙයි. ඊයේ දිනය නිමාවන විට යුද හමුදාව රන් පදක්කම් 18 ක්. රිදි පදක්කම් 13 ක් ලෝකඩ පදක්කම් 9 ක් දිනා ඉදිරියෙන් සිටීයේය. ගුවන් හමුදාව දෙවන ස්ථානයේද නාවික හමුදාව තුන්වන ස්ථානයේද පසුවිය.