ගඟන නාවික තොරතුරු නිළධාරීන් වැඩ වර්ජනයක

Share Button

අද [01] ශ්‍රී ලංකා ගඟන නාවික තොරතුරු නිළධාරීන් සංඛේත වැඩ වර්ජනයක නිරත වෙයි. කොළඹ ගුවන් කලාපය වෙනුවෙන් ගඟන නාවික තොරතුරු එකළස් කිරීම , සම්පාදනය කිරීම සහ ප්‍රකාශයට පත් කිරීම එම නිළධාරීන් ගේ කාර්යයි. මේ වර්ජනයට හේතු වී ඇත්තේ ඔවුන්ගේ වෘත්තීය ඉල්ලීම් නොසලකා හැරීම සහ එම අංශයට අදාළ ජාත්‍යන්තර සමුළුවකට වෙනත් අංශයක නිළධාරියෙකු යොමු කිරීමයි. ඒ නිසා අද සිට අතිකාල සේවාවලින් සහ සති අන්තයේ සේවා මුරවලින් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ග වල නිරත වන බව ජල සම්පාදන හා ජලප්‍රවාහන සේවක සංගමයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *