යහපත් සමාජ රටාවක් නිර්මාණය කිරීමට අවශ්‍ය නීති සහ සමාජ පසුබිම සකස් කිරීම රජයේ අරමුණ බව අගමැති පවසයි

Share Button

රටේ මූලික අධ්‍යාපනය ක්‍රමවත්ව සහ විධිමත් කිරීමට රජයේ වැඩි අවධානය යොමු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රජයේ ප්‍රතිපත්තිය අනුව ඒ සඳහා වන ළදරු අධ්‍යාපන ආයතන සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන දෙදහසක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. වයස අවුරුදු පහේදී පාසලට ඇතුලත් වන දරුවාගේ සිට තාරුණ්‍යයට එළඹෙන වයස දක්වා යහපත් සමාජ රටාවක් නිර්මාණය කිරීමට අවශ්‍ය නීත රීති සහ අවශ්‍ය සමාජ පසුබිම සකස් කිරීම රජයේ අරමුණ බව වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි. රත්නපුර දිස්ත්‍රික්කයේ මාපිය පිළිසරණ අහිමි දමිළ දරුවන් සදහා රක්වාන 40 වත්තේ ඉදිවු ශාන්ත ළමා නිවාසය විවෘත කරමින් අග්‍රාමාත්‍යවරයා ඊයේ මෙම අදහස් පලකලේය.
ඇඹිලිපිටිය ශ්‍රි බෝධිරාජ පදනමේ සභාපති පුජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමිාන් වහන්සේගේ මුලිකත්වයෙන් ළමා නිවාසය ස්ථාපිත කෙරිණ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *