එල්එස්ආර් කළම්බු මැරතන් තරගයට විදේශිකයන් ඇතුඵ අටදහසකට වැඩි තරගකරුවන් පිරිසක්

Share Button

එල්එස්ආර් කළම්බු මැරතන් තරගය ලබන 07 වැනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව අසලින් ආරම්භ වෙයි. එය අවසන් වන්නේ මිගමුව වෙරළ තීිරයෙනි. මෙම තරගයට ක්‍රිඩක-ක්‍රිඩිකාවෝ 8500 කට වැඩි පිරිසක් සහභාගි වෙති. විදේශ තරගකරුවෝ 500 ක්ද ඊට ඇතුලත් වෙති. රටවල් 44 කින් තරගකරුවෝ එක් වෙති.

මෙය සංවිධාන කිරීමට රුපියල් මිලියන 25 ක් වැයවන බව ලංකා ස්පෝර්ට්ස් රයිසන් ආයතනයේ සභාපති තිලක් වීරසිංහ මහතා පවසයි. මෙම තරගය හේතුවෙන් ජාත්‍යන්තර මැරතන් බලපත්‍රය ද මෙරටට ලැබි තිබේ. සමස්ත තරගය වෙනුවෙන්ම විශේෂ පොලිස් රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක කෙරේ. මේ සම්බන්ධයෙන් ඊයේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසුවේ මෙය සංචාරක ව්‍යාපාරයටද වැදගත් වන බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-31 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,620
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 829
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 55
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 781
මරණ සංඛ්‍යාව - 10