නැගෙනහිර පළාතේ තරුණ ව්‍යවසායකයින් 327ක් “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා“ හා අත්වැල් බැඳගනිති.

Share Button

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක “ තුරුණු දිරිය”  ණය යෝජනා ක්‍රමයෙන් ණය ලබා ගැනීම සඳහා නැගෙනහිර පළාතේ තරුණ  ව්‍යවසායකයින් 327 දෙනෙකු ඉදිරිපත් වී තිබේ.  “තුරුණු දිරිය“ ණය යෝජනා ක්‍රමය නැගෙනහිර පළාතේ ක්‍රියාත්මකවන ආකාරය පිළිබඳව සිදුකළ ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී මේ බව අනාවරණය විය.

ඒ අනුව නැගෙනහිර පළාතේ තරුණ ව්‍යවසායකයින් 7 දෙනෙකු මේවන විට “තුරුණු දිරිය“ ණය ලබාගෙන ඇති අතර කුඩා ව්‍යාපාර සංවර්ධන අංශ සකස් කරන ලද ණය ලබා ගැනීමට අවශ්‍ය ව්‍යාපාර සැලසුම්  බැංකු වෙත ලබාදුන් ව්‍යාපාරිකයන් සංඛ්‍යාව 104කි.

“තුරුණු දිරිය” ණය යෝජනා ක්‍රමය පිළිබඳව  තරුණ ව්‍යවසායකයින් දැනුවත් කිරීම සඳහා  වැඩසටහන් 95 ක්  නැගෙනහිර පළාත තුළ ක්‍රියාත්මක කර තිබේ.

මෙරට තරුණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ අරමුණින් ක්‍රියාත්මකවන “තුරුණු දිරිය“ ණය යෝජනා ක්‍රමය මඟින් උපාධියක් සහිත හෝ පිළිගත් වෘත්තීය නිපුණතා සහතිකයක් ඇති වසර 03 කට නොඅඩු කාලයක් ව්‍යාපාරයක නිරත තරුණ ව්‍යවසායකයින්ට ඇප හෝ ඇපකරුවන් හෝ රහිතව ණය ලබා දීම සිදු කරයි.

ඒ සම්බන්ධ සියළු තොරතුරු දිවයින පුරා ඇති ලංකා බැංකු ශාඛා හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ලබා ගැනීමේ හැකියාව පවතියි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *