අනෙකුත් රටවල මුදල් ඒකක හා සැසදිමේදි මෙරට රුපියල ශක්තිමත් බව රාජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න මහතා පෙන්වා දෙයි.

Share Button

රටේ ආර්ථිකය ශක්තිමත් නිසා ආසියාවේ අනෙකුත් රටවල් සමග සසඳන විට මෙරට රුපියල ශක්තිමත් වි ඇතැයි රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා අද පාර්ලිමේන්තුවේදි පැවසිය. ලෝකයේ සෑම රටකම මුදල් හා සැසදීමේදි අමෙරිකානු ඩොලරය ශක්තිමත් වී ඇත . එබැවින් මෙය ලංකාවට පමණක් බලපෑ අර්බුදයක් නොවෙ.් මෙය ඇතැමුන්ට අවාසියක් වුවත් අපනයනකරුවන්ට වාසියකි. රජය භාරගන්නා අවස්ථාවට වඩා මේ වනවිට අයවැය හිගය සියයට 07 යි දශම 7 සිට සියයට 5 යි දශම 5 ක් දක්වා අඩු කර ඇත. ආසියාවේ ශක්තිමත්ම ආර්ථිකය ඇති රට ශ්‍රි ලංකාව බව ඔහු පෙන්වා දෙයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *