තොරතුරු සතිය අදින් ඇරඹේ

Share Button

තොරතුරු සතිය අදින් ඇරඹේ. ලබන 28 වැනිදාට යෙදෙන තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් රජය එම සතිය ප්‍රකාශයට පත් කර තිබෙ.් තොරතුරු අයිතිය මගින් රාජ්‍ය සේවයේ විශිෂ්ටත්වය යන්න එහි තේමාවයි. තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත සක්‍රීය ලෙස බලාත්මක කිරීම සදහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය මේ වනවිට විශාල කාර්යභාරයක් ඉටුකර ඇතැයි එහි අතිරේක ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය කියයි.

අමාත්‍යංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවක දිී ඇය පැවසුවේ මේ වනවිට රාජ්‍ය ආයතනවලින් සියයට 98 කටම තොරතුරු නිලධාරීන් පත් කර ඇති බවයි. පනතින් අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමට නම් ජනතාව තොරතුරු ඉල්ලා සිටීමට යොමු විය යුතු බව ඇය සදහන් කළාය. ඒ සදහා ජනමාධ්‍ය අමාත්‍යංශය මේ වසර ජනතාව දැනුවත් කිරීමේ වසර ලෙස නම් කළේය.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා පැවසුවේ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබද පනතින් නිසි ප්‍රයෝජන ලබා ගන්නා ආකාරය පිළිබදව මෙම සතිය තුල ජනතාව දැනුවත් කිරිීමට අපේක්ෂා කරන බවයි.
ශ්‍රීී ලංකාව සම්මත කළ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත ලොව තුන්වන හොඳම පනත බවට පත්ව ඇතැයි ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ නීතිඥ ජගත් ලියනාරච්චි මහතා පැවසීය. එය ආසියාවේ හොූඳම පනතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *