නියං සහනාධාර කඩිනමින්

Share Button

නියඟයෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන්නැයි, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ නිළධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

සහන සැලසීමේ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 9000 ක මුදලක් වෙන් කිරීමට රජය දැනටමත් තීරණය කර ඇත.

ඒ යටතේ මහවිලච්චිය, දුණුමඬලාව ,ඇලපත්ගම සහ ඔයා මඬුව යන ප්‍රදේශ වල ජනතාවට සහනාධාර ලබා දී ම ඊයේ (20) ආරම්භ කෙරිණි.

දිස්ත්‍රික්ක රැසක ජනතාව මේ හේතුවෙන් පීඩාවට පත්ව ඇති අතර ,උතුරු මැද පළාතේ පමණක් පුද්ගලයින් හාරලක්ෂ විසිදහසක් පමණ පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.

ඔවුන්ට අවශ්‍ය පානීය ජලය , වියළි ආහාර ඇතුළු සෙසු සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදාවේ ද දායකත්වය හිමිව තිබේ.

මීට අමතරව සමූපකාර හරහා ද සහනාධාර ලබා දීම සිදු කෙරෙන අතර ,පීඩාවට පත් ජනතාව වෙත සති දෙකෙන් දෙකට ආහාර මල්ලක් ලබා දීමට කටයුතු කරන්නැයි,  ජනාධිපතිවරයා  බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *