මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමාට උපහාර පිණිස ආදාර්ශ ගම්මානයක්

Share Button

ජාතියේ පියා ලෙස විරුදාවලිය ලත් ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති මහාමාන්‍ය ඩී එස්. සේනානායක මැතිතුමාට උපහාර පිණීස එතුමාගේ නමින් ආදර්ශ ගම්මානයක් ඉදිකර තිබේ. හම්බන්තොට සුරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉදිකෙරුණු මහාමාන්‍ය ඩී. එස්. සේනානායක ගම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන සදුදා ජනතා අයිතියට පැවරේ. නිවාස 70 කින් සමන්විත එම ගම්මානය සදහා සියඵ යටිතල පහසුකම් සපයා තිබේ.
මෙරට ජනපද වැඩපිළිවෙල ආරම්භ කළේ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා බව ඇමති සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි. සියඵ ජන කොටස් නියෝජනය වනපරිදි නැගෙනහිර පළාතෙන් එතුමා එම වැඩපිළිවෙල ආරම්භ කළේය. දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා 1980 දී උදාගම් වැඩපිළිවෙල අම්පාර දිස්ත්‍රික්කයේ ආරම්භ කළේද ඩී. එස්. සේනානායක මැතිතුමාට දක්වන ගෞරවයක් ලෙස බව ඇමතිවරයා කියයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *