ඩොලරයේ අගය ඉහල යාමෙන් උද්ගතව ඇති අර්බුදයට සාර්ථකව මුහුණ දෙන බව අගමැතිතුමා කියයි

Share Button

පසුගිය වසර කිහිපයේදි රජය අර්බුද රැසකට මුහුණ දෙමින් ඉදිරියට පැමිණි ආකාරයටම ඩොලරයේ අගය ඉහල යාමෙන් උද්ගතව ඇති අර්බුදයට සාර්ථකව මුහුණ දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියයි. ඒ සදහා ගතයුතු ක්‍රියාමාර්ග පිලිබදව දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇතැයි අගමැතිවරයා පැවසුවේ නාත්තන්ඩිය ලුර්දු මහ විද්‍යාලයේ සම්පත් මධ්‍යස්ථානය විවෘත කරමිනි. ගෝලිය ආර්ථික අර්බුදයක් පැවතියද රජය අධ්‍යාපනය හා සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කරන මුදල් කිසිසේත් අඩුනොකරන බව අගමැතිවරයා පැවසිය. ඩොලරයේ අගය ඉහල යාම ශ්‍රි ලංකාවට පමණක් බලපා ඇති තත්ත්වයක් නොවේ. ඉතාලියේ යුරෝ ඒකකය එකයි දශම තුනකින්ද . එංගලන්තයේ පවුම එකයි දශම තුනකින් ද ඕස්ට්‍රේලියාවේ ඩොලරය හයයි දශම පහකින්ද. ඉන්දුනිසියාවේ රුපියා ඒකකය හයයි දශම අටකින්ද . කොරියාවේ වොන් ඒකකය හතරයි දශම පහකින්ද . පිලිපිනයේ පිසෝ ඒකකය හතයි දශම පහකින්ද . සිංගප්පුරුවේ හා මැලේසියාවේ මුදල් ඒකක එකයි දශම හයකින්ද පහත වැටි තිබේ. ඉන්දියාවේ රුපියල සියයට එකොලොහකින් පහත වැටි ඇත. මෙම ගෝලිය ආර්ථික අර්බුදයට සාර්ථකව මුහුණ දෙන බවත්. කිසිසේත්ම පලානොයන බවත් අගමැතිවරයා සදහන් කලේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *