ජනපති අද ගෝලීය සාමය සඳහා වන නෙල්සන් මැන්ඩේලා සමුඑව අමතයි

Share Button

එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලයේ 73 වන සැසිවාරය ඇමතිම සදහා ඇමරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ රාත්‍රියේ නිව්යෝර්ක් නුවර ජෝන් එෆ් කෙනඩි ගුවන් තොටුපලට ළගා විය. නිව්යෝර්ක් නුවර ජනාධිපතිතුමා නවාතැන් ගන්නා හෝටලයේදී අමාත්‍ය තිලක් මාරපන. එක්සත් ජාතීන්ගේ මෙරට නිත්‍ය නියෝජිත ආචාර්ය රොහාන් පෙරේරා යන මහත්වරුන් විසින් ජනාධිපතිතුමා ඇතුඑ දූත පිරිස පිලිගන්නා ලදී. එක්සත් ජාතින් සියලුම ජනතාවට සමිප කරවිම හා සාධාරණය. සාමකාමි හා තිරසර සමාජයක් සදහා වු ගෝලිය නායකත්වයේ සාමුහික වගකිම තේමාව යටතේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය හෙට ආරම්භ වන අතර හෙට පස්වරුවේ ජනාධිපතිතුමා සිය දේශනය ඉදිරිපත් කිරිමට නියමිතයි. එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල ප්‍රධාන සැසිවාරයට සමගාමීව පැවැත්වෙන ගෝලීය සාමය සඳහා වූ නෙල්සන් මැන්ඩේලා සාම සමුඑව අද ආරම්භ වෙයි. එහි විශේෂ දේශනයක් සඳහාද ජනාධිතිතුමාට ආරාධනා ලැබී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *