සාහිත්‍ය මාසයට ළමා ගී සැදෑවක්.

Share Button

සාහිත්‍ය මාසය වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ක්‍රියාත්මක  කර ඇති විශේෂ වැඩසටහන් පෙළෙහි  සජීව සංගීත ප්‍රසංග මාළාවේ සිව්වන දිනය අදයි(24). ඒ අනුව අද (24) ප.ව 05- 07.00 දක්වා ගුවන්විදුලිය ඹස්සේ නිර්මාණය වුණු ළමා ගීත  සජීවිව රස විදීමේ අවස්ථාව මහජනතාවට හිමිවේ.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මඟින් නිර්මාණය කරන ලද ළමා ගී 12ක් හා කණ්ඩායම් ගී 3ක් අද ප්‍රසංගයේ දී ගායනා කරන අතර  මෙම සංගීත සන්ධ්‍යාව සඳහා චාමර හපන්ගමගේ සංගීත අධ්‍යක්ෂණයෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වාද්‍ය වෘන්දය විසින් සංගීතය සපයනු ලබයි.

ශ්‍රී ලංකා ගුවන්විදුලි පරිශ්‍රයට පැමිණෙන ඔබට මෙන්ම ,  City FM ශ්‍රවණය කරන ඔබටද මෙම ළමා ගී සැදෑව රස විදීමේ අවකාශය හිමිවේ.

 

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත විශේෂ වැඩසටහන් පෙළ ගැස්ම

2018/09/25 “ සීගිරි ගී සිරි“ සීගිරි කුරුටු ගී සහ වත්මන් ගීත සාහිත්‍ය

2018/09/26 “ මල් සමනල්ලු“ ළමා ගී ප්‍රසංගය.

2018/09/27 “තාරුණ්‍ය සඳහා මාධ්‍ය“

2018/09/28 “ සිනමා මතක“

2018/09/29 “ මිහිර මනරම්“ සුභාවිත ගීතයක සුපහන් කතිකාව

2018/09/30 “ කවි මිණ“ ජන ගී මිහිරියාව

 

 

 

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *