එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මේ වනවිට ආයතන හා පුද්ගලයන් 23 දහසකට ණය ලබාදී අවසන්

Share Button

ව්‍යවසායකයන් ලක්ෂයක් බිහිකිරීමේ අරමුණින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය ක්‍රියාත්මක කරන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලි සහනාධාර ණය යෝජනා වැඩසටහන යටතේ මේ වනවිට ආයතන හා පුද්ගලයන් 23 දහසක ණය ලබාදී තිබේ. රජයේ හා පෞද්ගලික බැංකු මගින් ක්‍රියාත්මක වන මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදී ඇති ණය මුදල රුපියල් කෝටි 4917 ඉක්මවයි. පසුගිය ජුනි මස 22 වැනිදා ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලි සහනාධාර ණය යෝජනා වැඩසටහන නිල වශයෙන් ආරම්භ කෙරින. පොලි සහන ණය යෝජනා ක්‍රම 16 ක් එමගින් හදුන්වාදී තිබේ. ඊට අදාල සම්පුර්ණ පොලිය හෝ පොලියෙන් කොටසක් රජය මගින් අදාල ණය ලාභියා වෙනුවෙන් බැංකුවට ගෙවීම එහි ඇති විශේෂත්වයයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *