පොත් කියවන ගමන් ගී රස විදින්න .

Share Button

 

පොත් මිලදී ගන්නට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ශාලාවට පිවිසෙන ඔබට එහි ප්‍රවේශ ද්වාරය අසල ඇති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රදර්ශන කුටියද ඇස ගැටෙනු නොඅනුමානය.

ගීතය , සංගීතය පිළිබඳව ඇල්මක් දක්වන ඔබට පැරණී ගීත, සරල ගීත, ළමා ගීත , බණ, ධර්ම සාකච්ඡා ආදී ගුවන්විදුලි සංස්ථාවට හිමි අනගි වටිනාකම් අතරුදි මුදලකට මිලදී ගැනීමේ අවස්ථාව හිමිවේ.

2018 රාජ්‍ය සංගීත උළෙලේ ප්‍රශස්ථම ළමා ගී ගායනය හා ළමා ගී තනුව ඇතුළත් චාමර හපන්ගමගේ ගීත නිර්මාණය “ මුතු කැට වැස්ස“  සංගීත තැටිය හා 3,4 ශ්‍රේණිවල විෂය නිර්දේශයට ඇතුළත් කවි , ගී වලින් සමන්විත “ අහමු රස විඳිමු“ සංගීත තැටියද ඒ අතර විශේෂිතය.  කෙළිලොල් ළමාවියට ගැලපෙන කවි සංකල්පනා සහිත “සුරතල් නංගියෙ“ සංගීත තැටියද  ගුවන්විදුලි සංස්ථාවේ නිෂ්පාදනයකි.

ගුවන්විදුලි සංස්ථාව ඹස්සේ සංගීත කේෂ්ත්‍රය තුළ සිය නම රුදවූ ගායක . ගායකාවන්ගේ සේම පද රචකයන්ගේ ද නිර්මාණ ද B.M.I.C.H පොත් ප්‍රදර්ශන භූමියට එන  ඔබට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අලෙවි කුටියෙන් මිලදී ගත හැකිය. පණ්ඩිත් අමරදේව, වික්ටර් රත්නායක, සනත් නන්දසිරි, ගුණදාස කපුගේ, එච්. ආර්. ජෝතිපාල, නන්දා මාලනී, යමුනා විනෝදනී වැනි ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ ගීත ඇතුළත් සංගීත තැටිද  ඒ අතර වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *