ශ්‍රි ලංකාවට අමෙරිකාවෙන් ඩොලර් කෝටි 48 ක සංවර්ධන ආධාරයක්
එක්සත් ජනපද රජයට අයත් සහශ්‍ර අභියෝගතා සංස්ථාව ශ්‍රි ලංකාවට අමෙරිකානු ඩොලර් කෝටි 88 කට සංවර්ධන ආධාරයක් සැපයිමට සූදානම් බව එම සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරි බ්‍රොක් බියමන් මහතා පවසයි. එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය ඇමතිම සදහා නිව්යෝර්ක් නගරයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඊයේ පස්වරුවේ හමු වු අවස්ථාවේ ඔහු ඒ බව සදහන් කළේය. එම මුදල් පරිත්‍යාගයට අදාල කෙටුම්පත දැනටමත් සකස් කර අවසන්ය. එය ඉදිරි දින කිහිපයේදි එක්සත් ජනපද සෙනෙට් සභාවේ අනුමැතිය සදහා ඉදිරිපත් කරන බව ප්‍රධාන විධායක නිලධාරියා පැවසිය . එම අනුමැතිය ලැබිමෙන් පසුව ලබන දෙසැම්බර් මාසයේදී අදාල ගිවිසුම කොළඹ දී අත්සන් තැබිමට හැකිවනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය. එම අවස්ථාවට සහභාගි වන්නැයි ඔහු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට ඇරයුම් කළේය. එයට එකගත්වය පළ කළ ජනාධිපතිතුමා පැවසුවේ එක්සත් ජනපද රජය දීර්ඝ කාලයක සිට ශ්‍රි ලංකාවට ලබාදෙන සංවර්ධන සහාය සම්බන්ධයෙන් කෘතඥතාව පළ කරන බවයි. ශ්‍රි ලංකාවේ මගි ප්‍රවාහන සේවාවේ සංවර්ධනයට මෙන්ම මාර්ග තදබදය අවම කිරිමට නව ව්‍යාපෘති වෙනුවෙන් එක්සත් ජනපදය ලබාදෙන සංවර්ධන ආධාර ආයෝජනය කරන බව ද එතුමා සදහන් කළේය.