ජනාධිපතිතුමා හෙට අඑයම ජගත් මහමණ්ඩල සැසිය අමතයි

Share Button

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හෙට අඑයම එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය අමතයි. ජනාධිපති ධුරයට පත්විමෙන් පසුව එතුමා එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතන සිව්වන අවස්ථාව මෙයයි. එක්සත් ජාතින් සියඵම ජනතාවට සමීප කරවීම සහ සාධාරණ සාමකාමී තිරසර සමාජයක් සදහා වූ ගෝලීය නායකත්වයේ සාමූහික වගකීම යන තේමාව යටතේ සමුඑව පැවැත්වේ. ආරමභක දිනයේම සැසිවාරය අමතා දේශනයක් ඉදිරිපත් කිරිමේ අවස්ථාව ජනාධිපතිතුමාට ලැබි තිබිම විශේෂත්වයකි. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රි ලංකාවට ඉදිරිපත් කරන ඇති යෝජනා ක්‍රියා්තමක කිරිමේදි සහන ලබාගැනිම මෙන්ම රටේ ස්වාධිනත්වයට ජාතික ආරක්ෂාවට හා ත්‍රිවිධ හමුදාවේ ගෞරවයට හානියක් නොවන අන්දමින් කටයුතු කිරිම පිළිබූඳව එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයට විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කිරිමට ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙයි. ජනාධිපතිතුමා සිය දේශනයේදී ඉදිරිපත් කරන මෙම යෝජනා ජගත් මහලේකම්වරයාට මෙන්ම ජගත් මානව හිමිකම් කොමසාරිස් වෙත ද යොමු කිරීමට නියමිතයි. එම යෝජනා 2019 මාර්තු මාසයේදී ජිනිවාහී පැවැත්වෙන ජගත් මානව හිමිකම් සැසියට නිල වශයෙන් ඉදිරිපත් කෙරෙනු ඇත.
මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ දකුණු කොරියානු ජනාධිපති මුන් ජේ ඉන් මහතා අතර විශේෂ හමුවක් ඊයේ පැවැත්වුනි. ඒ එක්සත් ජාති්නගේ 73 වන මහ මන්ඩල සැසිවාරයට සමගාමීව පැවති නෙල්සන් මැන්ඩෙලා සාම සමුඑව අතරවාරයේදීය. මෙහිදි දෙරට අතර ද්විීපාර්ශවික සබදතා වැඩිදියුණු කරගැනිම පිළිබඳව සාකච්ඡාවී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *