“ මල් සමනල්ලු“ ළමා ගී ප්‍රසංගය අද (26) ගුවන්විදුලි පරිශ්‍රයේ

Share Button

සාහිත්‍ය මාසය වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විසින් සංවිධාන කරන විශේෂ වැඩසටහන් මාලාවේ  හයවන දිනය  අදයි. (26) ඒ අනුව  අද ප.ව 4- 7 දක්වා “ මල් සමනල්ලු“ නමින් ළමා ගී ප්‍රසංගයක් පැවැත්වේ.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් එදා – මෙදා තුර බිහිවු ළමා ගීත අතුරින්  තෝරාගත් ගීත මේ ප්‍රසංගයේ දී ගායනා කෙරෙයි. ගීත ගායනයෙන්  ගුවන්විදුලි ළමා ශිල්පීන් දායකවන අතර චාමර හපන්ගමගේ සංගීත අධ්‍යක්ෂණයෙන් ගුවන්විදුලි වාද්‍ය වෘන්දය විසින් “මල් සමනල්ලු“ ළමා ගී ප්‍රසංගය සඳහා සංගීතය සපයයි.

විවිධ මාතෘකා ඔස්සේ ලියවුණු ළමා ගීත 20 ක් හා ළමා ගී වැලක් මෙහි දී ගායනා කෙරෙන අතර, ඉන් බොහොමයක් ගීත පාසල් පෙළපොත්වල අඩංගු හා පාසල් විෂය නිර්දේශයට ඇතුළත් ගීතවීම විශේෂත්වයකි.  89.6 හා 89.8 ඔස්සේ City FM ශ්‍රවණය කරන ඔබට “මල් සමනල්ලු“ ළමා ගී ප්‍රසංගය  සජීව රසවිදීමට හැකිය.

එමෙන්ම ගුවන්විදුලි පරිශ්‍රයට පැමිණ “මල් සමනල්ලු “ ප්‍රසංගය නැරඹීමට මෙන්ම ඊට සම්බන්ධ වී සිය අදහස් හා ප්‍රතිචාරද දැක්වීමේ අවස්ථාව හිමිවේ.

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *