බෝග හානිය වැළකීමට විදෙස් උපදෙස්

Share Button

වන සතුන්ගෙන් මෙරට  ආහාර බෝගවලට සිදුවන හානිය වළක්වාලීම සඳහා  විසදුම් ලබාදීමට ජාත්‍යන්තර ආහාර ප‍්‍රතිපත්ති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් Shenggen Fan මහතා සිය එකඟතාවය පළ කර ඇත.

ශ‍්‍රී ලංකාවේ ගොවි ජනතාව විසින් වගා කරන ආහාර බෝග, එළවළු, පළතුරු ආදියෙන් 40% ක් පමණ වන සතුන් නිකරුනේ විනාශ කර දමයි.

සතුන් ද රැක ගනිමින් මෙම ගැටලූව සඳහා ස්ථීර විසදුමක් ලබාගැනීමේ කාලීන අවශ්‍යතාවය  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  ඔවුන්ට පෙන්වා දෙන ලදියි.

එහිදී ජාත්‍යන්තර ආහාර ප‍්‍රතිපත්ති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, මෙය බොහෝ රටවල් වලට පොදු ගැටළුවක් බවත්, අනෙකුත් රටවල් වල මෙම ගැටලූව විසඳීමට අනුගමනය කළ ක්‍රියාමාර්ග අත්දැකීම් උපයෝගී කර ගනිමින් ලංකාවේ ද මෙම තත්ත්වය අවම කර ගැනීම සඳහා සහය ලබාදීමට ඔවුන් සූදානම් බවය.

එමෙන්ම  මන්දපෝෂණය තුරන් කරමින් ජනතාවට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබාදීමට ශ‍්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළට සහය දැක්වීමට සූදානම් බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයට සහභාගීවීම සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ජාත්‍යන්තර ආහාර ප‍්‍රතිපත්ති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් Shenggen Fan මහතා අතර ඊයේ (26) පස්වරුවේ පැවති හමුවකදී මෙම නිගමනයන්ට එළඹ ඇත.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *