විශ්රාමිකයන් සදහා මෙවර අයවැයෙන් යෝජනාවලියක්
විශ්රාමිකයන් සදහා වන යෝජනාවලියක් මෙවර අයවැයට ඇතුලත් වනු ඇතැයි විශ්රාම වැටුප් අධ්යක්ෂ ජනරාල් ජගත් ඩයස් මහතා විශ්වාසය පළකරයි. 2015 න් පසුව රජය විශ්රාමිකයන් වෙනුවෙන් ප්රතිපත්තිමය තීරණ කිහිපයක්ම ගෙන තිබේ.
වැන්දඹු අනත්දරු විශ්රාම වැටුප් ක්රමයට අන්තර්ජාලය ඔස්සේ දායකවීමට ලබාදී ඇති කාලසීමාව ලබන මස 31 වැනිදා දක්වා දීර්ඝ කර ඇතැයි ද ඔහු සදහන් කළේය.
ජාතික විශ්රාම වැටුප් දිනය ලබන මස 08 වැනිදාට යෙදි තිබේ. ඒ නිමිත්තෙන් ප්රාදේශිය මට්ටමින් උත්සව සංවිධාන කර තිබේ. ලබන මාසයේ විශ්රාම වැටුප 05 වැනිදා ගෙවන බවද ජගත් ඩයස් මහතා පැවසීය.