ත්‍රී රෝද රථයට මීටරය අනිවාර්යයි

Share Button

මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රීරෝද රථ සඳහා මීටරයක් සවි කිරීමේ නීතිය ලබන මාසයේ සිට අනිවාර්ය කරන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව පවසයි.

මගීන් රැගෙන යන සියළු ත්‍රී රෝද රථ සඳහා මීටරයක් සවි කිරීමට අදාළ රියදුරන්ට දීර්ඝ කාලයක් ලබා දුන් බව සහ එම කාලය තව දුරටත් දීර්ඝ කළ  නොහැකි බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති සිසිර කෝදාගොඩ මහතා දැනුම් දෙයි.

ඒ අනුව ත්‍රී රෝද රථ මීටර් සවි නොකරන රියදුරන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

එමෙන්ම සියළු මගීන්ට ගමන අවසානයේ දී රිසිට් පතක් නිකුත් කිරීම ද මෙම නව නිතීය යටතේ ක්‍රියාත්මක කෙරෙනු ඇත.

 

 

 

Share Button

One thought on “ත්‍රී රෝද රථයට මීටරය අනිවාර්යයි

  • ඔක්තෝබර් 2, 2018 at 7:12 පෙ.ව.
    Permalink

    අපි සවිකරලා තියෙන්නේ අනුමත මිටර් ද කියලා දැන ගන්නෙ කොහොමද
    ඒ මීටර් වලට printer සවිකිරීමට නොහැකි නිසා ඉවත් කිරීමට වනවාද ,අපට මෙ පිළිබඳව පහදා දෙන්න කියා සිසිර කෝදාගොඩ මහත්තය ගෙන්
    ඉල්ලීමක් කරන්නේ

    Reply

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *