“කව් මිණි“ ජන ගීයේ මිහිර 30 වෙනිදා ගුවන්විදුලියෙන්.

Share Button

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විසින් පවත්වනු ලබන “ කව් මිණි “ ජන ගී මිහිරියාව ප්‍රසංගය මේ මස 30 වෙනිදා ප.ව 05.00 -06.00 දක්වා  ගුවන්විදුලි පරිශ්‍රයේ දී පැවැත්වේ. සාහිත්‍ය මාසයට සමගාමීව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මඟින් පවත්වනු ලබන විශේෂ වැඩසටහන් මාලාවේ අවසන් වැඩසටහන එයයි.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ශ්‍රී ලංකේය ජන ගීත, හා ජන ශ්‍රැති පිළිබඳව පර්යේෂණය කල පුරෝගාමි මාධ්‍ය  ආයතනයකි. එමෙන්ම ජන ගී ප්‍රචලිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ  සී. එස් ද කුලතිලක ශූරින් විශාල සේවයක් ඉටු කරන ලදියි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංගීත  පර්යේෂණ අංශයේ ප්‍රධානි ලෙස කටයුතු කරමින් ගමින් ගමට ගොස් ජන ගී පිළිබඳව පර්යේෂණ සිදු කල ඒ මහතා ජන ගී ඇසුරින් නව නිර්මාණ බිහි කිරීමට  කටයුතු කළේය.

නීලා වික්‍රමසිංහ විසින් ගායනා කරනු ලබන “දෑතට වළලු“ වැනි ගීත ඊට නිදසුන් වේ.  තරුණ පරපුර විසින් එවන් පැරණි ගීත ප්‍රතිනිර්මාණය කරමින් “ කව් මිණි“ ජන ගී ප්‍රසංගය පවත්වනු ලබයි.

“කව් මිණි“ ජන ගායනා තරඟයේ ජයග්‍රහණය ලැබුවන් විසින් මෙම ගීත ගායනා කරන අතර ගුවන්විදුලි වාද්‍ය වෘන්දය විසින් ජන ගී ප්‍රසංගය සඳහා සංගීතය සපයනු ලබයි. ප්‍රසංගයේ නිවේදන කටයුතු මෙහෙයවීම අමිල එදිරිමාන්න හා තේජානි විජේසිංහ විසිනි.

එදින ගුවන්විදුලි පරිශ්‍රයට පැමිණෙන රසික ප්‍රජාවට “ කව් මිණ“ ප්‍රසංගය සජීවව නැරඹීමේ අවස්ථාව ද හිමිවේ.

89.6 හි 89.8 සංඛ්‍යාත ඔස්සේ City Fm  මඟින්  “කව් මිණි“ ප්‍රසංගය සජීවීව විකාශනය කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *