මධ්‍යසාර පාලනයට ජාත්‍යන්තර ප්‍රඥප්තියක්

Share Button

මධ්‍යසාර සහ එහි නිෂ්පාදන කටයුතු පිළිබඳව ජාත්‍යන්තර ප්‍රඥප්තියක අවශ්‍යතාවය පවතින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි. ඒ සදහා කඩිනම් අවධානය යොමුවිය යුතුය.

නිවියෝර්ක් හි පැවැත්වෙන ජගත් සංවිධානයේ 73 වන මහ මණ්ඩල සැසියට සමගාමීව ලෝක සෞඛ්‍ය සංවිධානය සංවිධාන කළ මත්ද්‍රව්‍ය,බෝ නොවන රෝග සහ තිරසාර සංවර්ධනය පිළිබඳ සම්මන්ත්‍රණයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවී ඉදිරිපත් කළ ප්‍රකාශනයක් මගින් ජනාධිපතිතුමා මේ බව පෙන්වා දුන්නේය.

එම ප්‍රකාශය සභාව වෙත ඉදිරිපත් කරන ලද්දේ අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා විසිනි. මධ්‍යසාර පාලනයට ජාත්‍යන්තර ප්‍රඥප්තින් සදහා ගනු ලබන ඕනෑම ක්‍රියාමාර්ගයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව සහාය දක්වන බව එහි වැඩිදුරටත් දැක්වේ.

එමෙන්ම ජාතික මධ්‍යසාර සහ දුම්කොළ සදහා ජාතික අධිකාරියක් පත්කිරීම.

මධ්‍යසාර ප්‍රචාරක දැන්වීම් තහනම් කිරීම යනාදි ලෙස ශ්‍රී ලංකාව මේ වනවිට මධ්‍යසාර මර්දනයට ගෙන ඇති ක්‍රියාමාර්ග ද දීර්ඝ වශයෙන් විස්තර කෙරුනි.

ශ්‍රී ලංකාව මධ්‍යසාරවලින් විශාල බදු මුදලක් අය කරගත්තත් ජනතාවට සිදුවන ශාරිරික හානිය හා වැළදෙන රෝග ප්‍රමාණය විශාල බව ජනාධිපතිතුමා එම ප්‍රකාශනය මගින් පෙන්වාදී තිබේ.

සමාජජාල මගින් මධ්‍යසාර හා නිෂ්පාදන පිළිබඳව ලොවපුරා ප්‍රචාරය කෙරේ. එබැවින් එය පාලනය කිරීමට ස්වාධින රාජ්‍යයන්ට නොහැකිවී ඇත.

ලබන වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ගෝලීය මත්පැන් ප්‍රතිපත්තිය පිළිබඳ සම්මන්ත්‍රණයට සහභාගි වන්නැයි ජනාධිපතිතුමා සියලු ජාත්‍යන්තර නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් කළේය.

ජනාධිපතිතුමාගේ මෙම ප්‍රකාශනය සම්බන්ධයෙන් එස්තෝනියාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරිය විශේෂ ප්‍රශංසාවක් එක් කළාය. ඒ වෙනුවෙන් ඇය ස්තුතිය ද පළ කළාය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *