දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි

Share Button

අන්තර්මෝසම් වැසි ආරම්භවීම සංකේතවත් කරමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට දැන් වැසි ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මහවැලි ජලාශවලට ලැබෙන වැසි වැඩිවී ඇතැයි මහවැලි අධ්‍යක්‍ෂ ජනරාල් සරත්චන්ද්‍ර විතානගේ මහතා කියයි. මේ හේතුවෙන් පොල්ගොල්ල වාන්දොරටු දෙකක් විවෘත කර තිබේ. කන්ද උඩරටින් ගලාඑන සියඵ ගංගාවල ජලය වැඩිවී ඇති නිසා ඉදිරි මහ කන්නය වඩාත් සාර්ථක කර ගැනීමට හැකිවන බව හෙතෙම කියයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයට වැසි ලැබෙන බව දිස්ත්‍රික් ලේකම් ආර්. එම්. වන්නිනායක මහතා කියයි. කන්න 3 ක් සදහා වැසි නොලැබුණු මහවිලච්චියට දැඩි වර්ෂාපතනයක් ලැබෙමින් පවතී. කෙසේ වෙතත් ගොවීන්ට සහනාධාර ලබාදීම අඛණ්ඩව සිදුවන බව හෙතෙම පවසයි.

විදුලිබල නිෂ්පාදන ප්‍රධාන ජලාශ හයේ ජල මට්ටම් දැන් ඉහළ ගොස් තිබෙන බව විදුලිබල අමාත්‍යංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්‍ෂණ ජයවර්ධන මහතා කියයි. එම ජලාශවල ජල මට්ටම් සියයට 70 ස්ිට සියයට 74 දක්වා ඉහළ ගොස් තිබේ. ජල විදුලි නිෂ්පාදනය සියයට 30 ත් 35 ත් අතර මට්ටමක පවතී.
මේ අතර වෙරළබඩ ප්‍රදේශවල සුනාමි අනතුරක් හටගනු ඇතැයි පැතිර යන කටකථා වල කිසිදු සත්‍යතාවක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි එවැනි අනතුරු පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10