අමෙරිකාව සතු නවිීන වෛද්‍ය විද්‍යා තාක්‍ෂණය ශ්‍රී ලංකාවට

Share Button

අමෙරිකාව සතු නවිීන වෛද්‍ය විද්‍යා තාක්‍ෂණය ශ්‍රී ලංකාවට ලබාදීමට එරට රජය එකග වු බව සෞඛ්‍ය ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසය.ි අමෙරිකාවේ සෞඛ්‍ය සහ මානව සේවා අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය ලේකම් එරික් හාගන් මහතා සහ සෞඛ්‍ය ඇමතිවරයා අතර අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැති සමුඵවකදී මෙම එකගතාවයට පැමිණ ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 73 වන සැසිවාරයට සමගාමීව එම සමුඵව පැවැත්විණ. අමෙරිකාවේ සෞඛ්‍ය හා මානව සේවා අමාත්‍යංශයේ මුලිකත්වයෙන් පැවැති එම සමුඵවේදී අදහස් දැක්වු සෞඛ්‍ය ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සදහන් කලේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ දර්ශක අමෙරිකාවේ සෞඛ්‍ය දර්ශක හා සමාන වන බවයි. දකුණු සහ අග්නිදිග ආසියානු කලාපයේ රටවල සෞඛ්‍ය දර්ශකවලින් ශ්‍රී ලංකාව ප්‍රමුඛස්ථානයේ සිටින බව තමන්ට දැනගැනීමට ලැබුණ බව එහිදී අදහස් දැක්වු ඇමරිකාවේ සෞඛ්‍ය හා මානව සේවා අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර ඇත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *