ට්‍රාමි සුළි කුණාටුවෙන් ජපානයේ ප්‍රදේශ රැසකට දැඩි බලපෑම්

Share Button

ට්‍රාමි සුළි කුණාටුවෙන් ජපානයේ ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ල වෙයි. ඔකිනාවා හි පුද්ගලයන් 40 දෙනෙකු සහ කගොෂිමා හි පුද්ගලයන් 10 දෙනෙකු ද තුවාල ලබා තිබේ. කැඩි බිදී ගිය වීදුරු වලට කැපීමෙන් ඔවුන්ට තුවාල සිදුවී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. මේ වන විට නිවාස සිය ගණනකට විදුලිය ඇණ හිට තිබේ. දුම්රිය සහ ගුවන් ගමන්වාර රැසක් අවලංගු කර ඇති අතර නිවෙස් තුළට වී සිටින ලෙස එරට ජනතාවට දැනුම් දී ඇත. අද පස්වරුව වන විට ජපානයේ ප්‍රධාන දුපත් රැසකට සුළිසුළගින් දැඩි බලපෑම් එල්ලවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
===

ඉන්දුනීසියාවේ භූමිකම්පාවත් සමග ඇති වු සුනාමි ඛේදවාචකයෙන් මිය ගිය සංඛ්‍යාව හාරසිය අටක් දක්වා ඉහළ යයි. පන්සියකට අධික පිරිසක් තුවාල ලබා ඇත. තවත් විශාල පිරිසක් අතුරුදන් වී සිටිති. පාලු නගරයේ සුන්බුන් වලට සිරවී සිටින පිරිස් බේරා ගැනීමේ මෙහෙයුම් දැන් ක්‍රියාවට නංවා තිබේ. කෙසේ වෙතත් මාර්ග අවහිරතා සහ පාලම් කඩා වැටීම නිසා එම මෙහෙයුම් දුෂ්කර වී ඇත. ජාත්‍යන්තර රතු කුරුස කමිටුව පෙන්වා දෙන්නේ භූමිකම්පාවෙන් සහ සුනාමි ඛේදවාචකයෙන් පුද්ගලයන් ලක්ෂ 16 කට පමණ පීඩාවට පත්ව සිටින බවයි
====

ඉන්දියාවේ චෙන්නායි හි අද අථයම සිදු වු රිය අනතුරකින් පුද්ගලයෝ අට දෙනෙක් මිය යති. කුඩා ළමයි දෙදෙනෙක් ද ඒ අතර වෙති. එම පිරිස ගමන් කළ මෝටර් රථය භාණ්ඩ පැටවු ලොරියක ගැටීමෙන් අනතුර සිදුවී තිබේ. අනතුරින් තුවාල ලැබු ළමයින් දෙදෙනෙකු ඇතුථ පස් දෙනෙකු රෝහල් ගත කළ බව පොලිසිය පවසයි. ඔවුන්ගේ තත්වයද බරපතල බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10