දුම්රිය ගාස්තු හෙට සිට ඉහලට

Share Button

ඳාුම්රිය ගාස්තු හෙට සිට වැඩිවෙයි. අවම ගාස්තු වැඩිනොවේ. ඳාුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසන්නේ වසර 10 කට පසුව මෙසේ දුම්රිය ගාස්තුව සියයට 15 කින් ඉහළ නැංවු බවයි. නගරාන්තර දුම්රිය ගාස්තු වැඩිවන්නේ නොවැම්බර් 1 වැනිදා සිටයි. භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ද වැඩිනොවේ
දුම්රිය සේවාවේ නවිකරණ කටයුතු කිහිපයක්ද ඇරඹෙයි. විදුලි දුම්රිය හදුන්වා දිම කඩිනම් කෙරේ. කැලණිවැලි දුම්රිය මාර්ගයේ කනු මත විදුලි දුම්රිය ධාවනය කෙරෙනු ඇත. දුම්රිය ප්ර්‍‍රවේශ පත් නවිීකරණයට කටයුතු යොදා ඇත. නව සංඥා ක්‍රමවේදයක් හදුන්වා දෙන බවද ඩිලන්ත ප්‍රනාන්දු මහතා සදහන් කරයි. මහව සිට ඕමන්තේ දක්වාත්. පොල්ගහවෙල සිට කුරුණෑගල දක්වාත් දුම්රිය මාර්ග ද්විත්ව කෙරේ. ඉන්දියාවෙන් ද්විත්ව බලවේග කට්ටල 6 ක් ආනයනය කිරිමට යෝජිතයි. දුම්රියෙන් එංජින් 10 ක් ද ගෙන්වන බව ඔහු පවසයි. චිනයෙන් ගෙන්වන ද්විත්ව බලවේග කට්ටල ලබන වසරේදි උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට යොදවයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *