සාර්ථක සංචාරයකින් පසු ජනාධිපතිතුමා යලි දිවයිනට

Share Button

එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලයේ 73 වැනි සැසිවාරය ඇමතිම සදහා ඇමරිකාවේ නිව්යෝක් නුවරට ගොස් සිටි ජනාධිපති මෛිත්‍රපාල සිරිසේන මැතිතුමා යලි දිවයිනට පැමිණෙයි. නිල සංචාරය සාර්ථකව නිමකල එතුමා අද අලුයම දිවයිනට පැමිණියේය. ජගත් සමුලුව ඇමතිමට අමතරව ජනාධිපතිතුමා වැඩසටහන් රැසකට සහභාගිවිය. නෙල්සන් මැන්ඩෙලා සාම සමුලුව හමුවේ එතුමා කල කථාව ලොව රාජ්‍ය නායකයින්ගේ විශේෂ අවධානයට යොමුවිය. ජනාධිපතිතුමා මෙවර සමුලුව ඇමතුවේ 4 වන වරටයි. රාජ්‍ය නායකයින් හා ජගත් සංවිධාන නායකයින් සමග එතුමා විශේෂ සාකච්ඡා කිහිපයක් පැවැත්විය. තායිලන්තයේ බැංකොක් හි නොවැම්බර් මාසයේ පැවැත්වෙන ආහාර පර්යේෂණ සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය සදහා ද මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට ඇරයුම් ලැබි තිබේ. එක්සත් ජනපදයට අයත් සහශ්‍ර අභියෝගතා සංස්ථාව මෙරට සංවර්ධනයට රුපියල් කෝටි අටදහසක ආධාරයක් සැපයිමට ජනාධිපතිතුමා සමග ගිවිසුම් ගතවිම ද සංචාරයේ සුවිශේෂි සිදුවිමකි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10