පරිසර හිතකාමී දිවිපෙවෙතක අගය අග්‍රාමාත්‍යවරයා සිහිපත් කරයි

Share Button

කැපවෙමින් පරිසර හිතකාමී දිවි පෙවෙතක සුවය සහ සුරක්ෂිත බව අත් දකින්නට මෙම පරිසර දිනයේ අදිටන් කර ගනිමු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර පරිසර දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටි.

ජනගහන වර්ධනය හා නාගරීකරණය අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති වාණිජ අරමුණු මත සිදුවන ස්භාවික සම්පත් විනාශය , පරිසර හිතකාමී ජීවන රටාවෙන් අත් මිදී කෘත්‍රීම හා ක්ෂණික ජීවන රටාවකට හුරු වීම වැනි හේතු නිසා මෑත කාලයේ බරපතළ පාරිසරික අර්බුද රැසකට මුහුණ දීමට සිදු වූ බව අග්‍රාමාත්‍යවරයා සිහිපත් කරයි. රාජ්‍යයන් ලෙස මෙන්ම පෞද්ගලිකවද එකිනෙකාට මෙම පරිසර අර්බුදවලට තිරසාර විසඳුම් සෙවීමේ ක්‍රියාවලියට සක්‍රීයව දායක විය හැකිය. ජලය , විදුලිය අරපිරිමැස්මෙන් භාවිතය , කුණුකසළ ක්‍රමවත්ව බැහැර කිරීම , පොලිතින් ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සහ විකල්ප මාධ්‍ය වලට යොමු වීම වැනි සුභවාදී වෙනස් වීම් හරහාපෞද්ගලිකව මෙන්ම පවුලක් සහ සමාජයක් ලෙසද පරිසරය සුරැකීමට කැපවීම අවශ්‍ය බව අග්‍රාමාත්‍යවරයා නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *